Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යාපනය අසීරු අඩියක

යාපනය අසීරු අඩියක

editorial - 2022 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ දෙවැනි දිනය වන අද (1 වැනිදා) නිමාවන විට පළමු ඉනිම වෙනුවන් පන්දුවට පහරදෙමින් සිටි යාපනය කණ්ඩායම ලකුණු 204 කට කඩුලු 8 ක් බිඳවැටී අසීරු තත්ත්වයක පසුවිය.

ඒ අනුව යාපනය ක්‍රීඩකයෝ කඩුලු 2 ක් අතැතිව කොළඹ කණ්ඩායමට වඩා තවත් ලකුණු 68 ක් පසුපසින් සිටියහ. දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට සමින්ද ප්‍රනාන්දු හතරේ පහර 3 ක් සමග ලකුණු 76 ක් ලබා සිටි අතර කඩුල්ලේ රැදී සිටි සෙසු පිතිකරුවා වූ නුවන් ප්‍රදීප් ලකුණු ලබාගැනීම ආරම්භ කර තිබුණේ නැත.

ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන හතරේ පහර 5 ක් සමග ලකුණු 42 ක් රැස්කළ අතර නිෂාන් මධුෂංක හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 24 ක්ද, සදීර සමරවික්‍රම හතරේ පහර 3 ක් සමග ලකුණු 32 ක්ද රැස්කිරීමට සමත් වූහ.

එහිදී දක්ෂ පන්දු යැවීමක නරත වූ කවික දිල්ෂාන් ලකුණු 85 කට කඩුලු 4 ක් බිඳහෙළමින් යාපනය පළමු ඉනිම අඩ පණ කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් නලින් ප්‍රියදර්ශන ලකුණු 28 කට කඩුලු 2 ක් දවාගත්තේය.

පළමු දිනය සඳහා ඊයේ (31 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 224 ක් ලබා සිටි කොළඹ කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 48 ක් පමණි. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට ලකුණු 83 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස්, හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 114 ක් ලබා කොළඹ ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ යාපනය කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ලකුණු 48 කට කඩුලු 5 ක් බිඳහෙළීමට සමත් විය. ජෙෆ්රි වැන්ඩසේ සහ දිලුම් සුදීර කඩුලු 2 බැගින් බිඳහෙළමින් කොළඹ ඉනිම සුනුවිසුණු කිරීම සඳහා ධනංජයට අනගි සහායක් ලබාදුන්හ.


කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 272
(ක්‍රිෂාන් සංජුල 39, දිමුත් කරුණාරත්න 39, කුසල් මෙන්ඩිස් නොදැවී 114, මාධව වර්ණපුර 42, ධනංජය ද සිල්වා 48/5, ජෙෆ්රි වැන්ඩසේ 59/2, දිලුම් සුදීර 92/2)

යාපනය පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 204
(නවෝද් පරණවිතාන 42, නිෂාන් මධුෂංක 24, සමින්ද ප්‍රනාන්දු නොදැවී 76, සදීර සමරවික්‍රම 32, කවික දිල්ෂාන් 85/4, නලින් ප්‍රියදර්ශන 28/2)


අදහස් (0)

යාපනය අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.