Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යාපනය මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය අතර යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 114 වැනි ‘උතුරු හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා යාපනය මධ්‍ය මහා විද්‍යාලයට තවත් ලකුණු 90 ක් ලබාගැනීමට අවශ්‍යව ඇත.
දෙවැනි දිනය අවසන් වනවිට යාපනය මධ්‍ය මහා විද්‍යාලය සිය දෙවැනි ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 51 ක් රැස්කර සිටියේය. ලකුණු 07 කට කඩුලු 2 ක් දවාගත් ටී.දිනෝෂන් තරගයේ පාලනය ශාන්ත ජෝන් විද්‍යාලය වෙත ලබාගැනීමට සමත්විය.
පළමු දිනට ඊයේ (5 වැනිදා) තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත ජෝන් විද්‍යාලය අද දිනයේදී සියලුදෙනා දැවී ලකුණු 291 ක් රැස්කිරීමට සමත්විය.
ඒ.සුකේතන් ලකුණු 49 ක්, ටී.දිනෝෂන් ලකුණු 44 ක් සහ කේ.සදේෂන් ලකුණු 43 ක් ලබාගනිමින් ශාන්ත ජෝන් විද්‍යාලීය ලකුණු පුවරුව 300 ආසන්නයට ගෙන යෑමට සමත්වූහ.
ටී.විදුෂාන් ලකුණු 79 කට කඩුලු 5 ක් සහ වී.වියකාන්ත් ලකුණු 80 කට කඩුලු 3 ක් දවාගනිමින් යාපනය මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
හෙට (7 වැනිදා) තරගයේ තෙවැනි සහ අවසන් දිනයයි.
යාපනය මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 57.3 කදී සියලුදෙනා දැවී 150
(වී.වියකාන්ත් 30, එම්.සුරංගන් 25, එම්.සන්සාජන් 20, ඒ.නිත්ෂාන් 20, කේ.කරිසන් 10/3, වයි.විදුෂාන් 42/2)
ශා.ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 106 කදී සියලුදෙනා දැවී 291
(ඒ.සුකේතන් 49, ටී.දිනෝෂන් 44, කේ.සදේෂන් 43, ටී.විනෝජන් 27, ඒ.අභිෂේක් 25, ඒ.සාරන් නොදැවී 24, ටී.විදුෂාන් 79/5, වී.වියකාන්ත් 80/3)
යාපනය මධ්‍ය මහා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 51
(ටී.දිනෝෂන් 07/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.