Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
යුද හමුදා කබඩි ක්‍රීඩා සමාජයට ශ්‍රී ලංකා කබඩි සම්මේලනය පැනවූ තහනම අනුමත කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා අභියාචනයේ තීන්දුව ලබාදී තිබේ. එකී තහනමට එරෙහිව යුද හමුදා කබඩි ක්‍රීඩා කමිටුව ගොනු කළ අභියාචනයක් සළකා බැලීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් සිය නිගමනය ඔහු ලබාදී තිබේ.
වගඋත්තරකරුවන් ලබාදී තිබෙන තොරතුරුවලට අනුව කබඩි සම්මේලනය සිය ව්‍යවස්ථාවට අනුව යුද හමුදා කබඩි ක්‍රීඩා සමාජයට තහනමක් පනවා තිබේ. එහිදී 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත් 31 වැනි වගන්තියට හා 41 වැනි වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නියෝගයන්ට අනුව මේ සම්බන්ධයෙන් නැවැතත් විධිමත් පරීක්ෂණයක් කැඳවීමට ප්‍රතිපාදන නොමැති බවත් නිරීක්ෂණය වී තිබේ.
ඒ අනුව අභියාචනා උපදේශක කමිටුව කලින් ලබාදුන් නිර්දේශයක් ක්‍රියාත්මක කිරීම දැනටමත් සිදුකර ඇති බවත් මේ සම්බන්ධයෙන් යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක මහතා වෙත යොමුකළ නිගමනය ඇතුළත් ලිපියේ දැක්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.