Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යුද හමුදාව - සැරසන්ස් අවසන් පූර්ව වටයට

යුද හමුදාව - සැරසන්ස් අවසන් පූර්ව වටයට

editorial - 2022 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 තරගාවලියේ අද (12 වැනිදා) පැවැති තරග වලින් ජයගත් සැරසන්ස් සහ යුදහමුදා කණ්ඩායම් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්විය. සැරසන්ස් පිල ‘ඒ’ කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් අතර යුදහමුදා පිල ‘බී’ කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය.

බදුරලිය පිලට එරෙහිව ලකුණු 24 ක් ජයක් හිමිකර ගැනීමට සැරසන්ස් පිල සමත්වූ අතර කළුතර නාගරික පිලට එරෙහිව ලකුණු 126 ජයක් හිමිකර ගැනීමට යුදහමුදා පිල සමත්විය.
තවත් තරග 4 ක් අද පැවැති අතර එහිදී මූවර්ස්, නාවික හමුදාව, එස්.එස්.සී සහ ඒස් කැපිටල් යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

කළුතර නාගරික පිලට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට යුදහමුදා පිලේ අශාන් රන්දික සමත්විය. පන්දු 63 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 104 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට රන්දිකට හැකි විය. මෙවර තරගාවලියේදී වාර්තා වූ දෙවැනි ශතකයද වන්නේය.

යුදහමුදා පිලේ අසේල ගුණරත්න, නාවික හමුදා පිලේ සචිත්‍ර සේනානායක සහ එස්.එස්.සී පිලේ සම්මු අෂාන් අර්ධ ශතක ලබාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

සැරසන්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගය ලබන 15 වැනිදා පී.සරා ඕවල්හිදී හවස් වරුවේ පැවැත්වේ.


සැරසන්ස් පිලට ලකුණු 24 ක ජයක්
බදුරලිය සහ සැරසන්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
සැරසන්ස් - ඕවර 8 කදී කඩුලු 2 ක් දැවී 77
(නවිඳු නිර්මාල් නොදැවී 21, මල්ෂ තරුපති නොදැවී 36)
බදුරලිය - ඕවර 8 කදී කඩුලු 5 ක් දැවී 53
(ගිහාන් රූපසිංහ නොදැවී 30, ඉසිත විජේසුන්දර 06/2, මල්ෂ තරුපති 13/2)


යුදහමුදා පිලට ලකුණු 126 ක ජයක්
කළුතර නාගරික සහ යුදහමුදා කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 215
(අශාන් රන්දික 104, සීකුගේ ප්‍රසන්න 37, අසේල ගුණරත්න නොදැවී 59, ජනිඳු ඉනුවර 47/2)
කළුතර නාගරික - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 89
(ටී.වීරසිංහ 29, සීකුගේ ප්‍රසන්න 16/3, තුලින ඩිල්ෂාන් 15/2, යශෝද මෙන්ඩිස් 17/2)


මූවර්ස් පිලට ලකුණු 15 ක ජයක් (ඩක්වත් ලුවිස් න්‍යාය)
බ්ලූම්ෆීල්ඩ් සහ මූවර්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
මූවර්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 146
(දිනුක දිල්ෂාන් 31, මොහොමඩ් ශමාස් 32, තිලාන් ප්‍රෂාන් 24, සඳකැන් පතිරණ නොදැවී 23, මලින්ද පෙරේරා 19/3, මාධව වර්ණපුර 33/2)
බ්ලූම්ෆීල්ඩ් - ඕවර 13 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 80
(දක්ෂිත ප්‍රනාන්දු 20, යොහාන් චානුක 26, සඳකැන් පතිරණ 15/2, ධනුෂ්ක මදුශංක 19/2)


නාවික හමුදාවට ලකුණු 29 ක ජයක්
කුරුණෑගල යොවුන් සහ නාවික හමුදා කණ්ඩායම් අතර පී.සරා ඕවල්හිදී
නාවික හමුදාව - ඕවර 20 කදී සියලුදෙනා දැවී 131
(සචිත්‍ර සේනානායක 59, නිලංක ප්‍රේමරත්න 34/3, සංජීව ප්‍රියදර්ශන 19/2)
කුරුණෑගල යොවුන් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 102
(දිල්ශාන් කොල්ලුරේ 20, සුදාර දක්ෂින 22/2, ඩිලන්ත අවඩ් 23/2)


එස්.එස්.සී පිලට කඩුලු 4 ක ජයක්
ලන්කන් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පී.සරා ඕවල්හිදී
ලන්කන් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 121
(කසුන් අබේරත්න 37, යසිරු රොඩ්්‍රගූ 34, ඩෙවින් පද්මනාදන් 27, කළණ පෙරේරා 25/3, කුෂාන් වීරක්කොඩි 20/2)
එස්.එස්.සී - ඕවර 18.2 කදී කඩුලු 6 ක් දැවී 122
(සම්මු අෂාන් 53, රනුද සෝමරත්න 26, ශෙවෝන් ඩැනියල් 20, බිනුක වඩුගේ 17/2)


ඒස් කැපිටල් පිලට කඩුලු 6 ක ජයක්
සී.සී.සී සහ ඒස් කැපිටල් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
සී.සී.සී - ඕවර 18.5 කදී සියලුදෙනා දැවී 97
(පවන්ත වීරසිංහ 24, මාලිනං අමරසිංහ 29, සිතුම් දිසානායක 20/3, චානක දේවින්ද 24/3, නිමසර අතරගල්ල 16/2)
ඒස් කැපිටල් - ඕවර 17.1 කදී කඩුලු 4 ක් දැවී 100
(තනුක දාබරේ 26, ලසිත් කෘස්පුල්ලේ 23, ශෙහාන් ප්‍රනාන්දු 21, පවන්ත වීරසිංහ 23/2)

 


අදහස් (0)

යුද හමුදාව - සැරසන්ස් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.