Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යුද හමුදා කණ්ඩායමේ ආක්‍රමණය මුලුමනින්ම මැඩ පැවැත්වූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයෙන් ලකුණු 27-8 ක පහසු ජයග්‍රහණයකට හිමිකම් කීවේය. සිය සුපුරුදු හැව්ලොක්ස් පිටියේදී යුද හමුදා පිල මෙල්ල කරමින් හැව්ලොක්ස් පිල නැවත ජයග්‍රාහී මාවතට පිවිසියේ පසුගිය සතියේදී පෙරළිකාර සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය හමුවේ අනපේක්ෂිත පරාජයක් ලබා වේදනාවෙන් මිරිකී සිටියදීය.
තරගයේ 5 වැනි මිනිත්තුවේදී යුද හමුදා පිලේ සෙන්ටර් ක්‍රීඩක සමීර බුලත්සිංහල අනතුරුදායක ලෙස ප්‍රතිවාදී ක්‍රීඩකයකු බිම දැමීමට උත්සාහ කිරීම නිසා කහ කාඞ් පතේ දඬුවම් ලබා පිටියෙන් ඉවත්විය. ලද අවස්ථාව කදිමට පාවිච්චි කළ හැව්ලොක්ස් පිලට පළමු උත්සාහක දිනුම ගෙන දුන්නේ හුකර් ක්‍රීඩක අස්මිර් ෆජුඩීන් රෝලිං මෝල් අවස්ථාවෙන් මිදී පන්දුව ඩැහැගෙන ප්‍රතිවාදී සීමා ඉර වෙත කඩා පැන්නේය. රීසා මුබාරක් එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරමින් සිය කණ්ඩායම ලකුණු 7-0 කින් ඉදිරියට ගෙන ගියේය.
තවත් මොහොතකට පසුව දඬුවම් පහරක් සාර්ථක කරමින් හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ දැමීමට මුබාරක් සමත්විය. තරගයේ 28 වැනි මිනිත්තුවේදී හැව්ලොක්ස් පිලේ විමුක්ති රාහුල කහ කාඞ් පතේ දඬුවම් ලබා පිටියෙන් ඉවත්වීමෙන් පසුව එම දඬුවම් පහර සාර්ථක කරගත් ගයාන් සාලින්ද ලකුණු 3 කින් යුද හමුදා පිලේ ලකුණු ලබාගැනීම ආරම්භ කළේය.
ඊට මිනිත්තු 10කට පසුව අශෝක ජයලාල් තැබූ අනගි උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 8 දක්වා ඉහළ දමාගැනීමට යුද හමුදා පිල සමත්විය. එය ගෝලයක් බවට පත් කිරීමට ගයාන් සාලින්දට නොහැකිවුවත් පළමු භාගය නිමාවනවිට හැව්ලොක්ස් පිල ඉදිරියෙන් සිටියේ ලකුණු 10-8 ක් ලෙස සුලු පරතරයකිනි. එහෙත් දෙවැනි භාගය මුලුමනින්ම සිය ආධිපත්‍යයට නතුකරගත් හැව්ලොක්ස් පිල විසින් යුද හමුදා ක්‍රීඩකයන් පසුපසට ඇද දමන ලදි.
ලසිඳු ඉෂාන් තැබූ උත්සාහක දිනුම මුබාරක් විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමෙන් ලකුණු සංඛ්‍යාව 17 දක්වා ඉහළ දමාගත් හැව්ලොක්ස් පිල ඊට මිනිත්තු5කට පසුව මුබාරක් ගැසූ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු 20-8 කින් ඉදිරියට ගියේය.
හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණය තහවුරු වූයේ ප්‍රභාත් මධුසංඛ තැබූ උත්සාහක දිනුමෙනි. මුබාරක් විසින් එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.