Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
පැරිස් ඔලිම්පික් (2024) සහභාගිත්වය සදහා තවදුරටත් අපේක්ෂාවෙන් පසු වන මීටර් 100 ක්‍රීඩක යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් අද (5) පෙරවරු 9.30 ට විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සදහා ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ වෛද්‍ය ආයතනයට කැදවා තිබේ.
මෙම වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව ශාරීරික යෝග්‍යතාව මැන බැලීම සදහා ඔහුව ආසන්න දිනයකදී විශේෂ ධාවනයකට සහභාගි කෙරේ. එයින් සමත් වුවහොත් පමණක් ඔහුට පැරිස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාවෙන් මීටර් 100 (පිරිමි) ඉසව්ව සදහා සහභාගිවීමේ අවස්ථාව සලසාදීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට එහිදී මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් ක්‍රීඩකයෙකු ඉදිරිපත් කිරීමේ අවස්ථාව සැලසී ඇත්තේ පංගු ක්‍රමය හෙවත් සුදුසුකම් නොලත් (වයිල්ඩ් කාඩ්) ලේඛනය යටතේය. ‘ලංකාදීප’ය කළ විමසුමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසුවේ ජාතික මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෛද්‍ය පරීක්ෂාවකට අද ක්‍රීඩා අමාත්‍යාංශ වෛද්‍ය ඒකකයට කැදවා තිබෙන අතර යුපුන්ද ඒ සමග වෛද්‍ය පරීක්ෂණයකට ලක් කෙරෙන බවයි.
කෙසේවුවත් මීටර් 400 ශ්‍රී ලංකා ක්‍රීඩක අරුණ දර්ශන සිය ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් කෙරෙහි තවදුරටත් අපේක්ෂාවෙන් පසු වන ඔහුට එම අවස්ථාව උදා වන්නේ නම් පමණක් මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත වයිල්ඩ් කාඩ් අවස්ථාව අහෝසි වේ.
මේ අතර පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමේ අවස්ථාව සෙන්ටිමීටර පහකින් පමණක් අහිමිවී තිබෙන ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ තමන් ඒ සදහා නිර්දේශ කර ගන්නා ලෙස ඉල්ලා ලෝක මලල ක්‍රීඩා ආයතනයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
එහෙත් ඒ සදහා පවතින්නේ ඉතාම සීමිත අවස්ථාවක් පමණක් බවද වාර්තාවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.