Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යෝග්‍යතා පරීක්‍ෂණයෙන් තවත් 2 ක් අසමත්

යෝග්‍යතා පරීක්‍ෂණයෙන් තවත් 2 ක් අසමත්

editorial - 2021 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන මාසයේදී පැවැත්වීමට නියමිත එංගලන්ත සංචාරයට සුදුසුකම් ලබාගැනීම සඳහා බංග්ලාදේශයේදී පැවැත්වූ යෝග්‍යතා පරීක්ෂණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් දෙදෙනෙකු අසමත් වී තිබේ. මෙම ක්‍රීඩකයන් දෙදෙනාම බංග්ලාදේශයට එරෙහි පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වීම සඳහා මේ වන විටත් බංග්ලාදේශයට ගොස් සිටිති.

යෝග්‍යතා පරීක්ෂණයේ නිර්දේශ අනුව මිනිත්තු 8 තත්පර 35 ක් ඇතුළත කිලෝමීටර් 2 ක දුරක් සම්පූර්ණ කිරීමට ක්‍රීඩකයින් දෙදෙනාම අපොහොසත් වී සිටිති. දැනට බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඉතිරි සාමාජිකයෝ නියමිත කාලසීමාව ඇතුළත දුර ප්‍රමාණය සම්පූර්ණ කිරීමට සමත් වූහ.

කෙසේ වෙතත් පරීක්‍ෂණය අසමත් වූ ක්‍රීඩකයන් දෙදෙනාම බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩා කරනු ඇත. එහෙත් එංගලන්ත සංචාරයට තේරීමට නම් ඔවුන්ට තවත් යෝග්‍යතා පරීක්‍ෂණයකින් සමත්වීමට සිදුවනු ඇත.

මේ අතර බංග්ලාදේශ සංචාරයට පෙර පැවැති යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු සිය දෙවැනි පරීක්ෂණය සමත් වී ඇතැයිද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.

- 213

 


අදහස් (0)

යෝග්‍යතා පරීක්‍ෂණයෙන් තවත් 2 ක් අසමත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.