Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රංජි කුසලාන කල්යයි

රංජි කුසලාන කල්යයි

editorial - 2022 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රටපුරා කොරෝනා රෝගීන්ගේ වැඩිවීමත් සමඟ ඉන්දියාවේ ප‍්‍රධාන දේශීය ක‍්‍රිකට් තරගාවලියක් වන රංජි කුසලාන තරගාවලිය කල් දැමූ බව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය අද (5 වැනිදා) නිවේදනය කළේය. 1890 කාල සීමාවේදී එංගලන්තයට ක‍්‍රීඩා කළ ඉන්දීය රාජ කුමාරයෙකු වන රංජිත් සිංජි වෙනුවෙන් නම් කරන ලද පළමු පෙළ තරගාවලිය මේ මාසයේ ආරම්භ වීමට නියමිතව තිබුණි.

රංජි කුසලානය තරගාවලියට අමතරව මේ මස ආරම්භවීමට නියමිත තිබූ කර්නල් සී.කේ.නයිදු කුසලාන තරගාවලිය සහ පෙබරවාරි මාසයේ ආරම්භවීමට නියමිතව තිබූ විස්සයි-20 කාන්තා ලීග් තරගාවලියද නැවත දැනුම් දෙන තුරු අත්හිටවූ බව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

”ක‍්‍රීඩකයන්ගේ, සහායක කාර්ය මණ්ඩලය, තරඟ නිලධාරීන්ගේ සහ ඊට සම්බන්ධ අනෙකුත් සහභාගිවන්නන් අමාරුවේ දැමීමට අපට අවශ්‍ය නෑ” එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ මස 13 වන දා රංජි කුසලාන තරගාවලිය ආරම්භක නියමිතව තිබූ නමුත් බෙංගාල ක‍්‍රීඩකයින්ට සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණ වලින් පසුව ක‍්‍රීඩකයන් හය දෙනෙකුට වයිරසය ආසාදනයවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මුම්බායි, බැංගලෝර්, චෙන්නායි, කොල්කටා, අහමදාබාද් සහ තිරුවනන්දපුරම් යන නගර හයේදී තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණි.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ රංජි කුසලාන තරගාවලියද කොරෝනා වසංගතය හේතුවෙන් අවලංගු කරන ලදී. කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා අවලංගු කරන ලද ඉසව් අතරට රංජි කුසලාන තරගාවලියද අයත්වේ.

කොරෝනා බිය හේතුවෙන් පසුගිය වාර දෙක තුළ ඉන්දීය ප‍්‍රිමියර් ලීග් විස්සයි20 තරඟාවලියද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට සිදුවිය.

ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් විසින් අද තහවුරු කරන ලද නව කොරෝනා වයිරස් ආසාදිතයන් ගණන 58,000 කි. එය දින තුනකට පෙර වාර්තා වූ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.

- 2079


අදහස් (0)

රංජි කුසලාන කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.