Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා රග්බි සංගමය, ශ්‍රී ලංකා මෝටර් රථ (ඔටෝමොබයිල්) ක්‍රීඩා සංගමය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය හා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය යන ජාතික ක්‍රීඩා සංගම් හතරක් ඉදිරි නිලවරණ කැදවන තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි පෙරේදා (29) සිට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා යටතට පත් කර තිබේ.
ඒ අනුව එම ජාතික ක්‍රීඩා සංගම් නැවැත ක්‍රියාකාරී කරන තෙක් එම සංගම් බාරව නිසි බලධාරියා ලෙස ඔහු කටයුතු කරයි.ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති අංශයේ උපදෙස් පරිදි මෙම තීරණය ගත් බවත් අවම ඉදිරි දින 65 ක කාළයක් තුළදී ඒවායෙහි නිලවරණ පවත්වා අවසන් කිරීමට කටයුතු යොදන බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
දැල්පන්දු සම්මේලනයේ නිලවරණය (2024 - 26) ඊයේ (30) පැවැත්වීමට නියමිතව තිබියදී මෙලෙස අහෝසි කර තිබේ.ඒ පිළිබඳව ‘ලංකාදීප’ ය කළ විමසුමකදී ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය පැවැසුවේ එය නිල වශයෙන් දැනුම් දුන්නේ ඊයේ දහවල් කාලයේදී බවයි.
ඇය හා එහි හිටපු සභාපතිනියක් වන තමාරා ධර්මකීර්ති හේරත් යන මහත්මීන් සභාපති ධූරය සදහා එහිදී නාම යෝජනා බාරදී තිබුණි.මෙම දෙපාර්ශ්වයම ඊයේ පැවැසුවේ යාපනය හා කොළඹ යන දැල්පන්දු සංගම් සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබු විරෝධතා සම්බන්ධයෙන් නිලවරණ කමිටුව ලබා දුන් තීන්දුවට එකඟවී සිටියදී එය මුල් කර ගනිමින් නිලවරණය කල් දැමීම අනුමත කළ නොහැකි බවයි.
එසේම මෙම විරෝධතා විභාග කර පසුගිය අප්‍රේල් 28 වැනිදා තීන්දුවක් ලබාදී තිබියදී මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් එහිදී ප්‍රකාශ වේ. කෙසේවුවත් ලබන සැප්තැම්බර් 26 වැනිදා ආරම්භ වන ආසියානු දැල්පන්දු තරග ශ්‍රී ලංකා සංචාරයට බලපෑමක් නොවන පරිදි නිලවරණය හැකි ඉක්මණින් පවත්වා අවසන් කළ යුතු බව ආසියානු දැල්පන්දු සම්මේලනයේ වත්මන් සභාපතිනියද වන ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය පැවැසුවාය.
මේ අතර අද (31) වන විට පවත්වා අවසන් කළ යුතුව තිබියදී ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණය (2024 -25) කල් දැමීමට සිදුවූයේ නිලවරණ කමිටුව පත් කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුම්කාරි තත්වයයි.
අවසානයේදී පාපැදි සම්මේලනයේ වත්මන් විධායක සභාවේ මැදිහත්වීමෙන් නිලවරණ කමිටුවක් ප්‍රකාශයට පත් කළත් එය ක්‍රීඩා පනතට පටහැණි බවට ප්‍රකාශ වීමෙන් මෙම අර්බූදය තවත් සංකීර්ණ මුහුණුවරක් ගත්තේය.එහිදී නිලවරණය කැදවීම සදහා සහන කාලයක්ද වත්මන් විධායක සභාව විසින් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියදී ඊයේ පාපැදි සම්මේලනය ඉඉදිරි නිලවරණය පැවැත්වෙන තෙක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා බාරයට ගෙන තිබේ.
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ අදට (31) කළින් පවත්වා අවසන් කළ යුතු නිලවරණයට ප්‍රමාණවත් සූදානමක් පළ කර නොතිබූ බැවින් එම සංගමයේ කටයුතු ඉදිරි නිලවරණය පවත්වා අවසන් කරන තෙක් මෙලෙස අත්හිටුවීමට කටයුතු කර ඇත.
එසේම රග්බි සංගමය වාරණය කිරිමට ආසන්නතම හේතුව වී ඇත්තේ මීට පෙර උපදෙස් ලබාදී ඇති පරිදි ජාත්‍යන්තර රග්බි සංගමයට අනූකූළව යමින් සිය ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට මෙතෙක් අපොහොසත්ව්ම පිළිබඳව එල්ලවී තිබෙන චෝදනාවයි.
ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි මෙකී ජාතික ක්‍රීඩා සංගම් ක්‍රියාකාරිත්වය තාවකාළිකව අත්හිටුවීමට පියවර ගත් බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.