Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත )
කොළඹ රාජකීය විදුහල් චෙස් ක්‍රීඩා සමාජය 25 වැනි වරටත් සංවිධානය කරනු ලබන රජවරුන්ගේ සටන වයස 20න් පහල ආරාධිත පාසල් කණ්ඩායම් චෙස් තරගාවලිය අප්‍රේල් මස 9,10 දෙදින කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වේ .
කොරෝනා ව්‍යසනයෙන් පසුව මෙරට පැවැත්වෙන පළමු පාසල් චෙස් තරගාවලිය මෙයයි. මෙම තරගාවලිය පසුගිය වසරේ (21)පැවැත්වීමට නියමිතව තිබු මේ තරගාවලිය නොපැවැත්වුනේද කොරෝනා ව්‍යසනය නිසාවෙනි .
මෙවර පැවැත්වෙන රිදී ජුබිලි රජවරුන්ගේ සටනට චෙස් තරගාවලියට මෙරට චෙස් ක්‍රීඩාවට ප්‍රසිද්ධියක් උසුලන දිවයිනේ පාසල් 25ක චෙස් කණ්ඩායම්වලට ආරාධනා කිරිමට සංවිධායකයන් කටයුතු කර තිබේ .
මේ වනවිටත් තරගාවලියට සහභාගිවන ලෙස එම පාසල්වලට ආරාධනා කර ඇති බවත් එම පාසල්වලින් ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් සංවිධායකයෝ කියති .
අධ්‍යාපන අමාත්‍යංශයේ පුර්ණ අනුමැතිය ඇතිව පැවැත්වෙන මෙම චෙස් තරගාවලියට සහභාගිවන සියලුම පාසල් චෙස් කණ්ඩායම්වලට නවාතැන් පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් සපයන ලංකාවේ එකම පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියද මෙයවේ .
මෙවර පැවැත්වෙන තරගාවලිය මුළුමනින්ම කොරෝනා මර්ධන නීති රීතිවලට යටත්ව පවත්වන බවත් තරගාවලිය තරග වට පහකින් සමන්විතව පැවැත්වේ.
තරග වට පහෙන් ලබා ගන්නා ලකුණු අනු පිළිවෙල අනුව තරගාවලියේ ශුරතාව ,අනු ශුරතාව සහ තෙවැනි ස්ථාන තෝරාගනු ලබන අතර එම කණ්ඩායම්වලට ශුරතා කුසලානවලට අමතරව රන්. රිදී හා ලෝකඩ පදක්කම් පිරිනමනු ලබයි .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.