Last Update  :  2025-03-31 17:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රට හරහා දිවීමේ දකුණු ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් හයක්

රට හරහා දිවීමේ දකුණු ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් හයක්

editorial - 2025 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පෙබරවාරි 23 වැනිදා පැවැත්වෙන දකුණු ආසියානු රට හරහා දිවීමේ තරග මාලාවට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන්  හය දෙනකු සහභාගිවීමට නියමිතය.

මෙම තරගාවලිය වසර 2024 දී පැවැත්වීමට නියමිතව තිබියදී සත්කාරක පාකිස්තානයේ හට ගත් දේශපාලන අස්ථාවරභාවයන් හමුවේ අවස්ථා කීපයකදීම කල් දැමීමට සිදු විය.

කාන්තා හා පිරිමි කාණ්ඩ හතරකින් තරගමාලාව පැවැත්වේ.එහිදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු හා එහි ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන යන මහත්වරුන් ශ්‍රී ලංකාවේ ගෞරවණිය විශේෂ ආරාධිතයන් ලෙස මෙම තරග අවස්ථාවට ඇරයුම් ලබා තිබේ.

මෙම තරගාවලිය අවසන් වරට 2022 මාර්තු මාසයේදී ඉන්දීයාවේ නාගලන්ත ප්‍රාන්තයේ කොහිමා නුවරදී පවත්වා තිබේ.එහිදී ශ්‍රී ලංකාව කාන්තා හා පිරිමි තරගාවලි දෙකේම (කණ්ඩායම්) අනුශූරතාව අත් කර ගෙන තිබේ.

තරගාාවලියට සහභාගි වන ශ්‍රී  ලංකා රට හරහා දිවීමේ (පිරිමි) කණ්ඩායම : -

• කනිෂ්ඨ කාණ්ඩය (පිරිමි - කිලෝමීටර් 8) : -ජී. ඩී. ළහිරු අචින්ත (රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහල), ඩබ්.එච්.කේ.මධුෂාන් (කඹුරාවල ජාතික පාසල), ආර්. විදුෂාන් (දිගන රජවෙල හින්දු විදුහල)

• ජ්‍යෙෂ්ඨ කාණ්ඩය (පිරිමි - කිලෝමීටර් 10): - වී.වක්ෂාන් ( යුද හමුදාව), ආර්.ඒ.හේමන්ත කුමාර  (පොලිස්), ඩබ්.එම්.එන්.ජී.අබේරත්න (යුද හමුදාව)

• කළමනාකරු : - එස්.පී.වසන්ත කුමාර හා පුහුණුකරු : - ජෑන්ස් දිසානායක යන මහත්වරුන්


අදහස් (0)

රට හරහා දිවීමේ දකුණු ආසියානු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් හයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.