Last Update  :  2025-03-31 13:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රට හරහා දිවීමේ දකුණු ආසියානු ශූරයා වතුකරයෙන්

රට හරහා දිවීමේ දකුණු ආසියානු ශූරයා වතුකරයෙන්

editorial - 2025 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී ඊයේ (23) රටවල් පහක සහභාගිත්වයෙන් නිමාවට පත්වූ රට හරහා දිවීමේ දකුණු ආසියානු තරග මාලාවේ පිරිමි (ජ්‍යෙෂ්ඨ) ඉසව්වේ  රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වක්ෂාන් වික්නරාජ් සමත් විය.

ශ්‍රී ලංකාව මෙවර තරගමාලාවට පිරිමි ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ කාණ්ඩ දෙකෙන් ක්‍රීඩකයෝ හය දෙනෙක් සහභාගි කළහ.සිය පළමු ජාත්‍යන්තර තරග සහභාගිත්වය ජයග්‍රාහණයෙන් අවසන් කළ රන් පදක්කම්ලාභී වක්ෂාන් 27 හැවිරිදි ශ්‍රී ලංකා පාබල හමුදාවේ ක්‍රීඩකයෙකි.

තලවාකැලේ දෙමළ මහ විදුහලේ ආදි සිසුවකු වන ඔහු මීටර් 1500 හා මීටර් 5000 යන පිරිමි ඉසව්හි ජාතික ශූරයකු ලෙස මෙරට මලල ක්‍රීඩා පිටියේ මීට පෙර දක්ෂතා දක්වා තිබේ.මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ජෑන්ස් දිසානායක මහතා ඔහුගේ පෞද්ගලික පුහුණුකරු ලෙසත් කටයුතු කරයි.

කනිෂ්ඨ කාන්ඩයේ දෙවැනි ස්ථානය ලද ශ්‍රී ලංකා ක්‍රීඩක සිවගරන් 19 හැවිරිදි මාතලේ හින්දු විදුහලේ සිසුවෙකි.ඔහුත් සිය පළමු ජාත්‍යන්තර තරගයට සහභාගීවූ නවකයෙකි.

අවසන් වරට 2022 දී ඉන්දීයාවේ නාගලන්තයේදී පැවැති තරගමාලාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සහභාගි කරමින් ශ්‍රී ලංකාව  කාන්තා හා පිරිමි ඉසව් හතරකින් පදක්කම් හතරක්  දිනා ගත්තේය. එහිදීත් ශ්‍රී ලංකාව කාන්තා හා පිරිමි අනුශූරතා හිමි කර ගත්තේය.එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු අත් කර ගත් ඉහළම ජය වූයේ සමන්ත පුෂ්පකුමාර පිරිමි ජ්‍යෙෂ්ඨ ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගැනීමයි.

කාන්තා (ජ්‍යෙෂ්ඨ) ඉසව්වේ  ලෝකඩ පදක්කම එවර හිමි කර ගත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩිකා මධුමාලි පෙරේරා විසිනි.

ඉස්ලාමාබාද් තරග සංචාරයට සහභාගි වූ  ශ්‍රී ලංකා රට හරහා දිවීමේ කණ්ඩායම අද (24) පෙරවරුවේදී දිවයිනට ළගාවීමට නියමිතය.

ඉස්ලාමාබාද් දකුණු ආසියානු රට හරහා දිවීමේ තරග මාලාවේ (පිරිමි)

ශ්‍රී ලංකාව අත් කර ගත් ස්ථාන
★ පිරිමි - (ජ්‍යෙෂ්ඨ) ඉසව්ව  : -
1 වක්ෂාන් වික්නරාජ් (විනාඩි 31තත්පර 56.38), 7 දමිත් හේමන්ත කුමාර (33. 24.90), 8 ඩබ්.එම්.එන්.ජී.අබේරත්න (33.25.09)

★පිරිමි  - (කනිෂ්ඨ) : -
2 සිවගරන් තුඩිහර්ශින්දන් (විනාඩි 27.තත්පර 03.90), 6 පෙරියනායි රාජේන්ද්‍රන් විදුශාන් (27.28.29), 8 කවිදු මධුශාන් (28.07.79)


අදහස් (0)

රට හරහා දිවීමේ දකුණු ආසියානු ශූරයා වතුකරයෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.