Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රන් පදක්කම් 13 ක් සමග ඕස්ට්‍රේලියාව පෙරමුණේ
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා

රන් පදක්කම් 13 ක් සමග ඕස්ට්‍රේලියාව පෙරමුණේ

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය (30 වැනිදා) නිමාවට පත්වන විට රන් පදක්කම් 13 ක් දිනාගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටියි. රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් සමග මේ වන විට ඔවුන් ලබා සිටින මුළු පදක්කම් සංඛ්‍යාව 32 කි.

රන් පදක්කම් 7 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා සිටින නවසීලන්තය දෙවැනි දිනය අවසානයේ පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත්ව සිටියි. එහි තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා සිටින සත්කාරක එංගලන්තයයි.

දෙවැනි දිනයේදී බර ඉසිලීමේ ඉසව්වකින් ‍ලෝකඩ පදක්කමක් දිනාගනිමින් පදක්කම් සටහනට එක්වූ ශ්‍රී ලංකාව, මේ වන විට එහි 19 වැනි ස්ථානයේ පසුවේ. කිලෝ ග්‍රෑම් 55 බර පංතිය යටතේ තරග වැදුණ ඩිලංක ඉසුරු කුමාර ශ්‍රි ලංකාවට එම ලෝකඩ පදක්කම දිනා දුන්නේය.

-036 


අදහස් (0)

රන් පදක්කම් 13 ක් සමග ඕස්ට්‍රේලියාව පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.