Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ස්පාඤ්ඤයේ බිල්බාවෝ නුවරදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලියේ ඊයේ (9 වැනිදා) පැවැති බාලක කේවල තෙවැනි වටයේ තරගයකදී ජය ලබා සිව්වැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ රන්තුෂ්ක සසිඳු සමත් විය.
බාලක කේවල දෙවැනි වටයේ තරගයකදී චීන තායිපේහි චෙන් සින් යුවාන්ට එරෙහිව වට 2-0 ක ජයක් අත්කරගනිමින් තෙවැනි වටයට සුදුසුකම් ලබාගත් රන්තුෂ්ක සසිඳු, එහිදී නොර්වේහි මාර්කස් බර්ත් එරෙහිව වට 2-1 ක ජයක් අත්කරගනිමින් සිව්වැනි වටයට සුදුසුකම් ලබාගත්තේය.
සිවුවැනි වටයේදී සිංගප්පූරුවේ සින් රේයි රයන් සමග රන්තුෂ්ක තරග වැදීමට නියමිතය. මෙම තරගය හෙට (10 වැනිදා) පැවැත්වේ.
බාලක සහ බාලිකා කේවල දෙවැනි වටයේ තරග වලදී ජයග්‍රහණ අත්කරගනිමින් තෙවැනි වටයට සුදුසකම් ලබාගැනීමට මධුක දුලාංජන සහ බුත්මි ගලගමගේ සමත් වූහ. කෙසේ වුවත් තෙවැනි වටයේදී පිළිවෙළින් පේරු රාජ්‍යයේ බෘනෝ බරුඒටෝ සහ ජපානයේ අසුකා තකහාෂි හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත්වීම නිසා ඔවුන් දෙදෙනාට සිව්වැනි වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථා මගහැරී ගියේය.
බාලක කේවල තෙවැනි වටය
■ රන්තුෂ්ක සසිඳු විසින් වට 2-1 ක් ලෙස මාර්කස් බර්ත් (නොර්වේ) පරාජය කරන ලදි. (21/12, 18/21, 21/09)
■ ක්‍රිස්ටෝපර් ග්‍රිම්ලි (ස්කොට්ලන්තය) විසින් වට 2--0 ක් ලෙස මධුක දුලාංජන පරාජය කරන ලදි. (21/12, 21/13)
බාලිකා කේවල තෙවැනි වටය
■ අසුකා තකහාෂි (ජපානය) විසින් වට 2-0 ක් ලෙස බුත්මි ගලගමගේ පරාජය කරන ලදි. (21/06, 21/06)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.