Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ III වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ රන්දේව් අදීප ලකුණු 183 ක් රැස් කිරීමට සමත්විය.
පේරාදෙණිය සරසවි උයන මහා විද්‍යාලයට එරෙහිව, ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වූ රණබිම රාජකීය විද්‍යාලයේ අංක 7 පිතිකරු රන්දේව් අදීප පන්දු 64 කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 22 ක් සමගින් ලකුණු 183 ක් රැස් කළේය. රන්දේව් අදීප ලබාගත් ලකුණු වලින් ලකුණු 176 ක් ම හතරේ සහ හයේ පහර වලින් වීම කැපී පෙනිනි.
මෙම තරගයේදී රණබිම රාජකීය විද්‍යාලය පේරාදෙණිය සරසවි උයන මහා විද්‍යාලයට එරෙහිව පැරබෝලා ක්‍රමයට ලකුණු 124ක ජයක් ලැබීය.
මහනුවර රණබිම රාජකීය විද්‍යාලය - ඕවර 34.5 කදී සියලු දෙනා දැවී 363
(රන්දේව් අදීප 183, උමාල් තේනුක 56, උපේක මධුෂාන් 50, අනුහස් අබේසිංහ 46/3 )
පේරාදෙණිය සරසවි උයන මහා විද්‍යාලය - ඕවර 27 කදී 133
(භාතික කවිනෙත් 35, විදුර තේජාන් 5/4, ගිම්හාන් ගන්නෝරුව 21/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.