Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රයිගම් - සල්පිටි කෝරල හටන අද - හෙට

රයිගම් - සල්පිටි කෝරල හටන අද - හෙට

editorial - 2023 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පිළියන්දල මැදි විදුහල සහ හොරණ තක්ෂිලා විදුහල අතර පැවැත්වෙන 21 වැනි ‘රයිගම් - සල්පිටි කෝරල හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (31 වැනිදා) සහ හෙට (1 වැනිදා) යන දිනවලදී මොරටුවද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගයට සමගාමීව පැවැත්වෙන වාර්ෂික එක්දින තරගය අප්‍රේල් මස 2 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.

මෙවර මහ ක්‍රිකට් තරගයේදී පිළියන්දල මැදි විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම අෂේන් රොද්‍රිගූට පැවරී තිබේ. එහිදී තක්ෂිලා විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව නවෝද්‍ය ගිම්හානට හිමිව තිබේ. සෙතික දිල්මිත් පිළියන්දල මැදි විදුහල් කණ්ඩායමේ උප නායකයා ලෙසත්, දේෂාන් දිල්මිත් තක්ෂිලා විදුහල් කණ්ඩායමේ උප නායකයා ලෙසත් කටයුතු කරති.

දෙවිදුහල් අතර මෙතෙක් පැවති මහ ක්‍රිකට් තරග 20 දී එක් ජයග්‍රහණ 4 ක් අත්කර ගැනීමට පිළියන්දල මැදි විදුහල සමත්ව ඇති අතර සෙසු තරග 16 ම ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව ඇත. මෙතෙක් පැවති එක්දින තරග 8 න් තරග 6 ක් ජයගැනීමට පිළියන්දල මැදි විදුහල සමත්ව ඇති අතර තක්ෂිලා විදුහල එක් තරගයක් ජයගෙන තිබේ. සෙසු තරගය විසඳුමකින් තොරව නිමාවට පත්ව ඇත.

මෙවර අන්තර් පාසල් ක්‍රිකට් වයස 19 න් පහළ තරගාවලියේදී දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණ පිළියන්දල මැදි විදුහල, තරග 6 කට සහභාගි වෙමින් පූර්ණ ජයග්‍රහණ 3 ක්, පළමු ඉනිමේ ජයග්‍රහණයක්, පූර්ණ පරාජයක් සහ පළමු ඉනිමේ පරාජයක් ලබා ඇත. අර්ධ අවසන් පූර්ව වටයේදී අම්බලන්ගොඩ දේවානන්ද විදුහල හමුවේ පරාජය වීම හේතුවෙන් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

අන්තර් පාසල් ක්‍රිකට් වයස 19 න් පහළ තරගාවලියේදී දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුණ තක්ෂිලා මැදි විදුහල, තරග 7 කට සහභාගි වෙමින් වෙමින් පූර්ණ ජයග්‍රහණ 3 ක්, පළමු ඉනිමේ ජයග්‍රහණ 2 ක් සහ පූර්ණ පරාජයක් ලබා ඇත. පානදුර රාජකීය විදුහලට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී ලැබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව තක්ෂිලා විදුහල අවසන් මහ තරගයට පිවිසීමට සමත් විය. අවසන් තරගයේදී ඔවුන් කෝට්ටේ සී.එම්.එස්. ජයවර්ධනපුර විදුහලට එරෙහිව තරග වැදීමට නියමිතය.

 


පිළියන්දල මැදි විදුහල
අෂේන් රොද්‍රිගූ (නායක), සෙතික දිල්මිත් (උප නායක), නිලූෂ ප්‍රනාන්දු, අෂාන් තත්සර, සොනත් එනුක, ගනිඳු නෙසෙෂ්, රමිඳු ආටිගල, තරුෂ දිල්හාර, තිනෙත් සාලිංග, අදීප සස්මිත, දිලාෂ් සචින්ද, රමේෂ් ලක්ෂිත, බිහාන් යොනෙත්, තිවංක සඳරැස්, මිහින් ලක්දිනු, ජයනිත මෙන්ඩිස්, ශාමල් විභාෂණ, රනිතු ලක්විරු, රවිඳු යසිත්, විහඟ කේසර, සංකිත් තෙව්මින්, චනිතු මෙත්විරු, අරුණ ලියනගේ මහතා  (ක්‍රීඩා භාර ආචාර්ය), එරංග ගුණරත්න මහතා (ප්‍රධාන පුහුණුකරු), හර්ෂණ ප්‍රමෝද් මහතා (සහාය පුහුණුකරු), සුදේෂ් හර්ෂණ මහතා (සහාය පුහුණුකරු) සහ හසිත ලංකා මහතා (සහාය පුහුණුකරු)

 


හොරණ තක්ෂිලා විදුහල
නවෝද්‍ය ගිම්හාන (නායක), දේෂාන් දිල්මිත් (උප නායක), සන්දිත් රණවීර, ළහිරු අවිෂ්ක, ජනිත් ධනංජය, චරිත් හර්ෂණ, සනීර මිහිසර, සහන් දිව්‍යාංජන, දිමන්ත ඕවිටිගල, රෂාන් නවාංජන, සවිඳු දිසානායක, චමෝද් මිහිරාන්, රිද්ම අමරතුංග, පුන්හස් සෙනිත, අචිල ශ්‍රීමාල්, ජයෝද් චානුක, තෙනුෂ යාපා, ප්‍රභාත් අකලංක මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), ලසන්ත ගමගේ මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), සංජය දිසානායක මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ උදාර මද්ධුමගේ මහතා (සහාය පුහුණුකරු)

 


අදහස් (0)

රයිගම් - සල්පිටි කෝරල හටන අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.