Last Update  :  2025-03-27 18:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රවිඳු - පවන්ත ද්විත්ව ශතක ලබති

රවිඳු - පවන්ත ද්විත්ව ශතක ලබති

editorial - 2022 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)
අන්තර්සමාජ නැඟී එන කණ්ඩායම් අතර තරගාවලිය ආරම්භ කරමින් පැවැති තරග වලදී ද්විත්ව ශතක ලබාගැනීමට කෝල්ට්ස් පිලේ රවිඳු රසන්ත (නොදැවී 224) සහ සී.සී.සී පිලේ පවන්ත වීරසිංහ (නොදැවී 200) සමත්වූහ.

කළුතර නාගරික පිලට එරෙහිව රවිඳු රසන්ත ද්විත්ව ශතකය ලබාගත් අතර පවන්ත වීරසිංහ ගුවන් හමුදා පිලට එරෙහිව ද්විත්ව ශතකය ලබාගත්තේය.

තරගාවලිය ආරම්භ කරමින් තරග 9 ක් මෙම සත් අන්තයේදී අවසන් වූ අතර එහිදී පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට මූවර්ස්, කෝල්ට්ස්, යුදහමුදාව සහ සෙබස්තිනයිට්ස් යන කණ්ඩායම් සමත්වූහ. එහිදී එම කණ්ඩායම් පිළිවෙලින් නාවික හමුදාව, කළුතර නාගරික, කැන්ඩි කස්ටම්ස් සහ එස්.එස්.සී යන කණ්ඩායම් වලට එරෙහිව ජයග්‍රහණ වාර්තා කළහ.

හලාවත මේරියන්ස්, ගාල්ල, සී.සී.සී, එන්.සී.සී සහ පානදුර යන කණ්ඩායම් පිළිවෙලින් කුරුණෑගල යොවුන්, බී.ආර්.සී, ගුවන් හමුදාව, බ්ලූම්ෆීල්ඩ් සහ බදුරලිය යන කණ්ඩායම් වලට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළහ.

දිනුක ඩිල්ෂාන් සහ ජනිෂ්ක පෙරේරා (මූවර්ස්), අවිශ්ක පෙරේරා (කෝල්ට්ස්), ශෙහා ප්‍රනාන්දු (යුදහමුදාව), මනෙල්ක ද සිල්වා සහ සඳුන් ප්‍රනාන්දු (සෙබස්තිනයිට්ස්), සුකිත මනෝජ් (හලාවත මේරියන්ස්), ජොහෑන් ද සිල්වා සහ දිනෙත් ජයකොඩි (එන්.සී.සී), කෝසල රවිඳු (පානදුර) සහ මලිඳු මදුරංග (බදුරලිය) යන ක්‍රීඩකයන් මෙම සති අන්තයේදී ශතක වාර්තා කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

නාවික හමුදා පිලට එරෙහිව ඉනිම දෙකෙහිදීම කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ මූවර්ස් පිලේ තීෂාන් විදූෂන් කඩුලු 11 ක් දවාගත්තේය. ඊට අමතරව එස්.සී.සී පිලට එරෙහිව දෙවැනි ඉනිමේදී ලබාගත් කඩුලු 6 ත් සමගින් ඉනිම දෙකෙහිදීම කඩුලු 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සෙබස්තිනයිට්ස් පිලේ ටෙහාන් ශාෆ්ටර්ද සමත්විය.

යුගීෂ දිශාන් (එන්.සී.සී), ලක්ෂාන් ගමගේ (යුදහමුදාව), කවිඳු ආමන්ත (කෝල්ට්ස්), සුදාර දක්ෂිණ (නාවික හමුදාව), රාජේන්ද්‍රන් අරවින්ද් (බ්ලූම්ෆීල්ඩ්), හරීන් බුද්දිල (ගාල්ල) සහ තමිඳු වික්‍රමාරච්චි කඩුලු 5 බැගින් දවාගනිමින් මෙම සති අන්තයේදී පන්දුවෙන් දස්කම් දැක්වූ සෙසු ක්‍රීඩකයෝ වෙති.


මූවර්ස් පිලට ලකුණු 235 ක ජයක්
මූවර්ස් සහ නාවික හමුදා කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී
මූවර්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 263
(දිනුක ඩිල්ෂාන් 111, ජනිදු හිම්සර 23, පසිඳු සූරියබණ්ඩාර 37, අදීෂ තිලංචන 25, ලොහාන් ද සොයිසා 30, කේෂර නුවන්ත 21/2, අවිෂ්ක ලක්ෂාන් 30/2, දිලීෂ අරුණෝදය 32/2)

නාවික හමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 143
(සුදාර දක්ෂිණ 21, සුලේක්ෂණ ශ්‍රීෂාන් 24, තීෂාන් විදූෂන් 34/6, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 21/2, මිලාන් රත්නායක 37/2)

මූවර්ස් දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී ලකුණු 229
(ජනිෂ්ක පෙරේරා 150, පසිඳු සූරියබණ්ඩාර 27, සුදාර දක්ෂිණ 87/5, දිලීෂ අරුණෝදය 32/3)
නාවික හමුදා දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 114
(භාග්‍ය එදිරිවීර නොදැවී 48, කේෂර නුවන්ත 20, තීෂාන් විදූෂන් 55/5, මිලාන් රත්නායක 19/3)


කෝල්ට්ස් පිලට ඉනිමක ජයක්
කෝල්ට්ස් සහ කළුතර නාගරික කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
කළුතර නාගරික පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 125
(ඉන්ෂක සිරිවර්ධන 34, හර්ෂණ වික්‍රමසිංහ 49/4, රොහාන් සංජය)

කෝල්ට්ස් පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී ලකුණු 445
(අවිශ්ක පෙරේරා 172, රවිඳු රසන්ත නොදැවී 224)

කළුතර නාගරික දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 179
(අමාත්‍යා කෞල් 46, ඉසුරු සඳමාල් 30, කනිෂ්ක මධුවන්ත 23, රොමේෂ් නල්ලපෙරුම 26, කවිඳු ආමන්ත 43/5, රොහාන් සංජය 63/4)


යුදහමුදා පිලට කඩුලු 9 ක ජයක්
යුදහමුදා සහ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම් අතර පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී
යුදහමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 291
(ශෙහා ප්‍රනාන්දු 100, පැතුම් බොතේජු 61, ලක්ෂාන් ගමගේ 26, ශෙහාද සොයිසා 41, අෂාන් දිල්හාර 32, තිමිර මල්ෂාන් 59/3, මර්වින් අබිනාෂ් 64/3, අනුක ජයසිංහ 74/2)

කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 72
(ලක්ෂාන් ගමගේ 23/5, කෞමාල් නානායක්කාර 14/3)

කැන්ඩි කස්ටම්ස් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 228
(රුවින් ෆොන්සේකා 25, අවිෂ්ක හරින්ද 29, සසිත් මනුරංග 26, සජිත් ද සිල්වා 59, අෂාන් දිල්හාර 47/4, ලක්ෂාන් ගමගේ 56/3, ශෙහාද සොයිසා 51/2)

යුදහමුදා දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී ලකුණු 10


සෙබස්තිනයිට්ස් පිලට ලකුණු 83 ක ජයක්
එස්.එස්.සී සහ සෙබස්තිනයිට්ස් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
සෙබස්තිනයිට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 221
(මනෙල්ක ද සිල්වා 103, තරූෂ ප්‍රනාන්දු 43, විහාන් ගුණසේකර 40, මදුෂාන් රවිචන්ද්‍රකුමාර් 21, ලක්ෂිත මනසිංහ 66/4, හිමේෂ් රාමනායක 58/3, ටේ‍රවීන් මැතිව් 24/2)

එස්.එස්.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 208
(සදීෂ රාජපක්ෂ 64, දිනිත සිරිවර්ධන 25, කේෂාන් විජේරත්න නොදැවී 38, ටෙහාන් ශාෆ්ටර් 31/4, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 50/3, ශෙහාන් සිල්වා 24/2)

සෙබස්තිනයිට්ස් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 287
(සඳුන් ප්‍රනාන්දු 122, විශාල් සිල්වා 36. මනෙල්ක ද සිල්වා 26, තරූෂ ප්‍රනාන්දු 26, හිමේෂ් රාමනායක 58/3, ටේ‍රවීන් මැතිව් 32/2, ලක්ෂිත මනසිංහ 56/2, කවිඳු නදීෂාන් 77/2)

එස්.එස්.සී දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 217
(ඔමේෂ් මෙන්ඩිස් 23, ලක්ෂිත මනසිංහ 99, කවිඳු නදීෂාන් 41, ටෙහාන් ශාෆ්ටර් 35/6, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 69/3)


හලාවත මේරියන්ස් පිලට පළමු ඉනිමේ ජයක්
හලාවත මේරියන්ස් සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
කුරුණෑගල යොවුන් පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 180
(දුලාජ් රණතුංග 70, සංජීව ප්‍රියදර්ෂන 38, විභවිත් ඇහැලේපොල 28, රවීන් යසස් 33/3, මලීෂ දේශාන් 24/2, දසුන් සෙනෙවිරත්න 42/2)

හලාවත මේරියන්ස් පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී ලකුණු 334
(හරිඳු ජයසේකර 85, සුකිත මනෝජ් 110, දසුන් සෙනෙවිරත්න 59, රවීන් යසස් 52, ප්‍රවීන් රාමයියා 36/2, ගිහාන් අංජුල 67/2

කුරුණෑගල යොවුන් දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී ලකුණු 322
(මහීෂ වීරසිංහ 86, ශෙහාන් බණ්ඩාර 46, දුලාජ් රණතුංග 24, රිෂී අදිෂ්ටන් 86, සංජීව ප්‍රියදර්ෂන 36, ශෙහාන් සිල්වා 41/3, රවීන් යසස් 84/3)


ගාල්ල පිලට පළමු ඉනිමේ ජයක්
බී.ආර්.සී සහ ගාල්ල කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 191
(විනුර දුල්සර 39, චමෝද් සඳරු 46, සවිඳු උත්සර නොදැවී 37, සුභානු රාජපක්ෂ 34/3, හරීන් බුද්දිල 38/3, කවිඳු දිල්හාර 46/2)

ගාල්ල පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 367
(සුභානු රාජපක්ෂ 20, දිල්ෂාන් කාංචන 29, දුලාෂ් උදයංග 42, චමත් දිල්සර 51, හරීන් බුද්දිල 83, කවිඳු දිල්හාර 96, සවිඳු උත්සර 85/3, කවිඳු එදිරිවීර 44/2, උස්මාන් ඉෂාක් 48/2, දුශාන් හේමන්ත 65/2)

බී.ආර්.සී දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 362
(කවිඳු එදිරිවීර 47, ශශීන් ප්‍රනාන්දු 23, විනුර දුල්සර 34, හිරන්ත ජයසිංහ 90, දුෂාන් හේමන්ත 44, චමෝද් සඳරු 23, සවිඳු උත්සර 46, ඉම්තියාස් ස්ලාසා 31, හරීන් බුද්දිල 106/5, චමත් දිල්සර 60/2, සුභානු රාජපක්ෂ 83/2)

ගාල්ල දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී ලකුණු 172
(තරිඳු අමරසිංහ 69, දුලාෂ් උදයංග නොදැවී 76, කවිඳු එදිරිවීර 19/2)


සී.සී.සී. පිලට පළමු ඉනිමේ ජයක්
ගුවන් හමුදාව සහ සී.සී.සී කණ්ඩායම් අතර කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
ගුවන් හමුදා පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 129
(කළණ විජේසිරි 21, දෙවිඳු කැකිරිදෙණිය 18/3, බී.මෙන්ඩිස් 34/3, චමිඳු විජේසිංහ 27/2)

සී.සී.සී පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 369
(රොන් චන්ද්‍රගුප්ත 39, පවන්ත වීරසිංහ නොදැවී 200, චමිඳු විජේසිංහ 49, අන්ජල බණ්ඩාර 24, කෙමිර විජේනායක 49/3, මොවින් සුබසිංහ 97/3, හන්ස හිරන්ය 75/2)

ගුවන් හමුදා දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී ලකුණු 301
(කළණ විජේසිරි 22, හෂාන් විමුක්ති 53, ධනුජ ඉඳුවර 89, කළිඳු සිරිවර්ධන 69, මොවින් සුභසිංහ නොදැවී 50, පවන්ත වීරසිංහ 56/4, දුවිඳු රණතුංග 38/2)


එන්.සී.සී පිලට පළමු ඉනිමේ ජයක්
එන්.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
එන්.සී.සී පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී ලකුණු 418
(ජොහෑන් ද සිල්වා 100, හසිත බෝයගොඩ 91, දිනෙත් ජයකොඩි නොදැවී 104, අහන් වික්‍රමසිංහ 38, රාජේන්ද්‍රන් අරවින්ද් 94/5)

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 154
(කවියන් නරේස් 52, දක්ෂිණ ප්‍රනාන්දු 48, යුගීෂ දිෂාන් 48/6, කාවින්ද ඊශ්වර 30/3)

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී ලකුණු 228
(චිහාන් කළිඳු 34, කවියන් නරේස් 51, සනෝජ් දර්ෂික 38, චනුල් අතුකෝරාල 62, දක්ෂිත ප්‍රනාන්දු නොදැවී 21, යුගීෂ දිෂාන් 75/3)

 

පානදුරට පළමු ඉනිමේ ජයක්
පානදුර සහ බදුරලිය කණ්ඩායම් අතර පානදුර ක්‍රීඩාංගණයේදී
බදුරලිය පළමු ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 249
(රවිශ්ක විජේසිරි 27, අශේන් ගුණවර්ධන 57, උමයංග සුවාරිස් 48, මලිඳු මදුරංග 81, සසංක නිර්මාල් 76/4, අකිල ශෙනේෂ් 52/2)

පානදුර පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී ලකුණු 460
(හේෂාන් වෙල්ගම 34, දුනිත් ජයතුංග 91, විනුක රූබසිංහ 39, කෝසල රවිඳු 156, යොමේෂ් රණසිංහ 20, සසංක නිර්මාල් 90, තමිඳු වික්‍රමාරච්චි 120/5, රවිෂ්ක විජේසිරි 108/2)

බදුරලිය දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී ලකුණු 319
(රවිශ්ක විජේසිරි 69, උමයංග සුවාරිස් 50, මලිඳු මදුරංග 103, එන්.කසුන් නොදැවී 20, සසංක නිර්මාල් 79/4, ඉඳුවර ද්‍ර අල්විස් 105/3, හර්ෂ මදුරංග 48/2)

 


අදහස් (0)

රවිඳු - පවන්ත ද්විත්ව ශතක ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.