Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෂීඩ් ඛාන් විස්සයි20 නායකත්වයට

රෂීඩ් ඛාන් විස්සයි20 නායකත්වයට

editorial - 2021 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පාදඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ට හිමිවී ඇත. ඔහුගේ උප නායකයා ලෙස වමත් පිතිකරු නජිබුල්ලා සාද්‍රාන් පත් කිරීමට ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් මණ්ඩලය පියවර ගෙන තිබේ.

“ක්‍රීඩාවේ සුප්‍රසිද්ධ ගෝලීය මුහුණු වලින් එකක් වන රෂීඩ්, වසර ගණනාවක් පුරා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ඔහුගේ අත්දැකීම්, දක්ෂතා සහ නායකත්ව කුසලතා සැලකිල්ලට ගෙන ඔහුව නායකත්වය පත්කළා” යැයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපති ෆර්හාන් යූසෙෆ්සායි පැවසීය.

“විස්සයි20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක 2 ස්ථානයේ සිටින රෂීඩ් මින් පෙර ඇෆ්ගනිස්ථානයේ විස්සයි20 කණ්ඩායමේ නායකත්වය ප්‍රතික්ෂේප කර තිබූ අතර නායකයෙකු ලෙසට වඩා ක්‍රීඩකයෙකු ලෙස තමා වටින බව තමා විශ්වාස කරනවා යැයි පැවසීය”

2019 වසරේ ජූලි මාසයේදී 22 හැවිරිදි රෂීඩ් ඛාන්ව ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්හි නායකත්වයට පත්කළද බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එකම ටෙස්ට් තරගය සහ එක්දින තරගාවලිය පරාජයට පත්වීම හේතුවෙන් එම වසරේ දෙසැම්බර් මාසයේදී ඔහුව ඉවත් කර අස්ගර් ඇෆ්ඝන් නායකත්වයට පත්කරන ලදී.

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමඟි ‘බී’ කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්ථානය තරග කිරීමට නියමිතව ඇති අතර ඉතිරි කණ්ඩායම් දෙක සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිවෙන් පසුව තෝරා ගනු ලැබේ.

- 2079


අදහස් (0)

රෂීඩ් ඛාන් විස්සයි20 නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.