Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාගම - කෝල්ට්ස් පූර්ණ ජයග්‍රහණ ලබයි

රාගම - කෝල්ට්ස් පූර්ණ ජයග්‍රහණ ලබයි

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පස්වැනි සතියේදී පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට රාගම සහ කෝල්ට්ස් යන කණ්ඩායම් සමත්වූහ.

හලාවත මේරියන්ස් පිලට එරෙහිව මූවර්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 83 ක ජයක් හිමිකර ගැනීමට රාගම පිල සමත්විය. පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට හලාවත මේරියන්ස් පිල සමත්වුවද තෙවැනි දිනයේදී තරගයේ පාලනය තමන් සතු කරගත් රාගම පිල ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්විය. බී.ආර්.සී පිලට එරෙහිව බී.ආර්.සී ක්‍රීඩාංගණයේදි පැවැති තරගයේදී කෝල්ට්ස් පිලට කඩුලු 6 ක ජයක් හිමිවිය.

තවත් තරග 4 ක් පසුගිය සති අන්තයේදී අවසන් වූ අතර එහිදී ද්‍රවිඩ සංගමය, සැරසන්ස්, සී.සී.සී සහ යුදහමුදා යන කණ්ඩායම් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

සී.සී.සී පිලේ පවන් රත්නායක (නොදැවී 164), ද්‍රවිඩ සංගම් පිලේ මනෝජ් සරත්චන්ද්‍ර (නොදැවී 163), බදුරලිය පිලේ ශහීඞ් යූසුෆ් (142), එන්.සී.සී පිලේ පැතුම් නිස්සංක (135), සැරසන්ස් පිලේ ප්‍රමෝද් මදුවන්ත (127) සහ ගමිඳු අමරසිංහ (නොදැවී 121) අවසන් වූ සති අන්තයේදී ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

හලාවත මේරියන්ස් පිලේ ලසිත් කෲස්පුල්ලේ (99), රාගම පිලේ සමින්ද ප්‍රනාන්දු (99), කෝල්ට්ස් පිලේ ප්‍රියමාල් පෙරේරා (99), එන්.සී.සී පිලේ ඇන්ජලෝ පෙරේරා (99), රාගම පිලේ ළහිරු තිරිමාන්න (97), එන්.සී.සී පිලේ පැතුම් නිස්සංක (94) පසුගිය සති අන්තයේදී ඉතා අවාසනාවන්ත ලෙස ශතකය පෙනී පෙනී දැවී ගිය පිතිකරුවෝ වූහ. සෙසු පිතිකරුවන් දැවීයාම හේතුවෙන් යුදහමුදා පිලේ හිමාෂ ලියනගේටද (නොදැවී 90) ශතකය අහිමිව ගියේය.

කෝල්ට් පිලට එරෙහිව පළමු ඉනිමේදී කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ බී.ආර්.සී. පිලේ දුවිඳු තිලකරත්න පසුගිය සති අන්තයේදී ඉහළම දසක්ම් දැක්වූ පන්දු යවන්නා විය.

දෙවැනි ඉනිමේදී ලබාගත් කඩුලු 2 ත් සමගින් පසුගිය සති අන්තයේදී කඩුලු 10 ක් දවාගත් එකම පන්දු යවන්නා බවට පත්විය.

මේරියන්ස් පිලේ නිමේෂ් විමුක්ති, රාගම පිලේ අමිල අපෝන්සු සහ නිෂාන් පිරීස්, කෝල්ට්ස් පිලේ ප්‍රභාත් ජයසූරිය, සී.සී.සී පිලේ මාලින්ද පුෂ්පකුමාර, යුදහමුදා පිලේ දුෂාන් විමුක්ති සහ එස්.එස්.සී පිලේ සචිත්‍ර සේනානායක ඉනිමකදී කඩුලු 5 බැගින් දවාගැනීමට සමත්වූහ.

රාගම පිලේ අමිල අපෝන්සු සහ නිෂාන් පිරීස්, එස්.එස්.සී පිලේ සචිත්‍ර සේනානායක කඩුලු 9 බැගින්ද, මේරියන්ස් පිලේ නිමේෂ් විමුක්ති කඩුලු 8 ක් ද දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.

රාගම පිලට ලකුණු 83 ක ජයක්
රාගම සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී

රාගම පළමු ඉනිම -  සියලුදෙනා දැවී 204
(ළහිරු තිරිමාන්න 97, රොෂේන් සිල්වා 34, අමිල අපෝන්සු නොදැවී 21, නිමේෂ් විමුක්ති 62/6, අසිත ප්‍රනාන්දු 58/3)
හලාවත මේරියන්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 268
(යෂ් කොතාරී 24, ලසිත් කෲස්පුල්ලේ 99, ඕෂධ ප්‍රනාන්දු 22, රුමේෂ් බුද්ධික 25, තික්‍ෂිල ද සිල්වා 29, පුලින තරංග 44, අමිල අපෝන්සු 98/5, නිෂාන් පිරීස් 89/4)
රාගම දෙවැනි ඉනිම -  කඩුලු 6 ක් දැවී 352
(සමින්ද ප්‍රනාන්දු 99, ළහිරු තිරිමාන්න 66, උදාර ජයසුන්දර 80, සුපේෂල ජයතිලක නොදැවී 52, නිමේෂ් විමුක්ති 98/2)
හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 205
(යෂ් කොතාරී 51, රුමේෂ් බුද්ධික 44, තික්‍ෂිල ද සිල්වා 37, නිෂාන් පිරීස් 70/5, අමිල අපෝන්සු 84/4)

කෝල්ට්ස් පිලට කඩුලු 6 ක ජයක්
බී.ආර්.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී

කෝල්ට්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 366
(සංගීත් කුරේ 62, සධීර සමරවික්‍රම 66, විශාද් රන්දික 60, ප්‍රියමාල් පෙරේරා 99, නිසල තාරක නොදැවී 24, දුවිඳු තිලකරත්න 147/8)
බී.ආර්.සී පළමු ඉනිම -  සියලුදෙනා දැවී 168
(භානුක රාජපක්ෂ 25, රමින්ද විජේසූරිය 32, තරිඳු කෞෂාල් 38, නලින් ප්‍රියදර්ෂණ 67/4, ධනංජය ලක්ෂාන් 19/2)
බී.ආර්.සී දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 214
(භානුක රාජපක්ෂ 87, හෂේන් රාමනායක 20, රමින්ද විජේසූරිය 26, ප්‍රභාත් ජයසූරිය 65/6, නලින් ප්‍රියදර්ෂණ 71/3)
කෝල්ට්ස් දෙවැනි ඉනිම -  කඩුලු 4 ක් දැවී 17
(දුවිඳු තිලකරත්න 06/2, කෙවින් කොත්තිගොඩ 11/2)

ද්‍රවිඩ සංගමයට පළමු ඉනිමේ ජයක්
එන්.සී.සී සහ ද්‍රවිඩ සංගමය අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී පළමු ඉනිම -  සියලුදෙනා දැවී 339
(පැතුම් නිස්සංක 94, මහේල උඩවත්ත 35, උපුල් තරංග 42, චතුරංග ද සිල්වා 37, සහන් ආරච්චිගේ 70, ලසිත් ඇඹුල්දෙණිය 26, ප්‍රමෝද් මධුෂාන් 67/4, තිලංග උදේශන 77/3, මදුක ලියනපතිරණගේ 65/2)
ද්‍රවිඩ සංගමය පළමු ඉනිම -  සියලුදෙනා දැවී 446
(යොහාන් මෙන්ඩිස් 60, තරංග පරණවිතාන 68, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 163, මදුක ලියනපතිරණගේ 21, ඩෙවින් පත්මනාදන් 20, ප්‍රමෝද් මධුෂාන් 33, ලසිත් ඇඹුල්දෙණිය 106/3, චතුරංග ද සිල්වා 138/3, චාමික කරුණාරත්න 65/2)
එන්.සී.සී දෙවැනි ඉනිම -  කඩුලු 8 ක් දැවී 402
(පැතුම් නිස්සංක 135, උපුල් තරංග 28, ඇන්ජලෝ පෙරේරා 99, සහන් ආරච්චිගේ 41, හසිත බෝයගොඩ නොදැවී 51, ජීවන් මෙන්ඩිස් 81/2, මදුක ලියනපතිරණගේ 90/2)

සැරසන්ස් පිලට පළමු ඉනිමේ ජයක්
බදුරලිය සහ සැරසන්ස් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

බදුරලිය පළමු ඉනිම -  සියලුදෙනා දැවී 365
(සාලින්ද උෂාන් 31, තිලකරත්න සම්පත් 49, ශහීඞ් යූසුෆ් 142, ළහිරු සමරකෝන් 75, ගමිඳු අමරසිංහ 54/4, චාමිකර එදිරිසිංහ 89/4, සාලිය සමන් 59/2)
සැරසන්ස් පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 496
(සිතාර ගිම්හාන් 73, නවිඳු නිරිමාල් 56, ගමිඳු අමරසිංහ නොදැවී 121, ප්‍රමෝද් මදුවන්ත 127, ඇෂේන් බණ්ඩාර 59, හර්ෂ රාජපක්ෂ නොදැවී 33, බුද්ධික සංජීව 100/2, තිලකරත්න සම්පත් 126/2)

සී.සී.සී පිලට පළමු ඉනිමේ ජයක්
සී.සී.සී සහ මූවර්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී

සී.සී.සී පළමු ඉනිම -  සියලුදෙනා දැවී 547
(මලිඳු මදුරංග 45, රොන් චන්ද්‍රගුප්ත 54, අෂාන් ප්‍රියංජන් 41, ළහිරු මදුෂංක 89, පවන් රත්නායක නොදැවී 164, ළහිරු ගමගේ 49, විශ්ව ප්‍රනාන්දු 41, චතුර රන්ඳුණු 188/3, සචිත්‍ර සේරසිංහ 62/2, කවිෂ්ක අංජුල 83/2)
මූවර්ස් පළමු ඉනිම -  සියලුදෙනා දැවී 405
(චරිත කුමාරසිංහ 55, පබසර වඩුගේ 53, සචිත්‍ර සේරසිංහ 32, රමේෂ් මෙන්ඩිස් 85, අදීෂ තිලංචන 65, අනුක් ප්‍රනාන්දු 22, අයන සිරිවර්ධන 57, මාලින්ද පුෂ්පකුමාර 139/5, විශ්ව ප්‍රනාන්දු 61/2)
සී.සී.සී දෙවැනි ඉනිම -  කඩුලු 4 ක් දැවී 68
(මලිඳු මදුරංග 43, කවිශ්ක අංජුල 20/2)

යුදහමුදා පිලට පළමු ඉනිමේ ජයක්
එස්.එස්.සී සහ යුදහමුදා කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී පළමු ඉනිම -  සියලුදෙනා දැවී 229
(කවිඳු කුලසේකර 27, ක්‍රීෂාන් සංජුල 37, සහන් ආරච්චිගේ 37, සම්මු අෂාන් නොදැවී 77, සචිත්‍ර සේනානායක 27, ජනිත් ද සිල්වා 46/4, දුෂාන් විමුක්ති 15/2, හේෂාන් හෙට්ටිආරච්චි 60/2, මල්ක මදුසංක 68/2)
යුදහමුදා පළමු ඉනිම -  සියලුදෙනා දැවී 274
(ලක්ෂාන් එදිරිසිංහ 32, පැතුම් දිල්ශාන් 43, අසේල ගුණරත්න 21, හිමාෂ ලියනගේ නොදැවී 90, ජනිත් සිල්වා 23, හේෂාන් හෙට්ටිආරච්චි 26, සචිත්‍ර සේනානායක 56/5, සඳුන් වීරක්කොඩි 22/2, ධම්මික ප්‍රසාද් 40/2)
එස්.එස්.සී දෙවැනි ඉනිම -  සියලුදෙනා දැවී 226
(සඳුන් වීරක්කොඩි 34, නුවනිදු ප්‍රනාන්දු 31, කවිඳු කුලසේකර 36, සම්මු අෂාන් 44, ආකාශ් සේනාරත්න 41, දුෂාන් විමුක්ති 59/5, හේෂාන් හෙට්ටිආරච්චි 43/2)
යුදහමුදා දෙවැනි ඉනිම -  කඩුලු 8 ක් දැවී 125
(අසේල ගුණරත්න 26, සචිත්‍ර සේනානායක 38/4, ආකාෂ් සේනාරත්න 34/2, ජෙෆ්රි වැන්ඩසේ 34/2)

 


අදහස් (0)

රාගම - කෝල්ට්ස් පූර්ණ ජයග්‍රහණ ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.