Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ දෙවැනි වටයේ තරගයකදී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 2 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (17 වැනිදා) සමත්විය. මෙම තරගය අනුරාධපුර යුදහමුදා සංඥා කඳවුරු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ කවිශ්ක හේශාන් (නොදැවී 61) අර්ධ ශතකයක්ද ලබාගනිමින් කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
අනුරාධපුර ම.ම.විද්‍යාලය- ඕවර 39.3 කදී සියලුදෙනා දැවී 128
(අශාන් කවිඳු 32, ජනිත් සමුදිත 20, ගිශාන් බාලසූරිය 03/3, අබ්දුල්ලා කලිත් 21/2, සොනාල් අමරසේකර 25/2, කවිශ්ක හේශාන් 42/2)
රාජකීය විදුහල - ඕවර 43.3 කදී කඩුලු 8 ක් දැවී 131
(කවිශ්ක හේශාන් නොදැවී 61, බිසඳු ආඩම්බරගේ 21, සහන් තාරුක 32/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.