Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ රග්බි තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට සහභාගි වන කොළඹ රාජකීය විදුහල එම තරගයට දෙවැනි පෙළ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර දෙවැනි අවසන් පූර්ව තරගය අනිද්දා (06* හැව්ලොක්ස් පිටියේදී පැවැත්විණි. මෙවර අපරාජිතව ලීග් ශූරතාව දිනූ ප‍්‍රබල රාජකීය විදුහල් පිලේ ක‍්‍රීඩකයන් උසස් පෙළ විභාගයට සූදානම් වීම සහ ඇතැම් ක‍්‍රීඩකයන් තුවාල ලැබීම යන හේතූන් නිසා දෙවැනි පෙළ කණ්ඩායම තරගයට සහභාගි කරවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ලීග් ශූරයන් වූ රාජකීය විදුහල් පිලේ නායකයා ලෙස කටයුතු කළ භානුක ගමගේ තරගයෙන් ඉවත්ව සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එසේ වුවහොත් නිකිල් ගුණදීර නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
මේ පිළිබ`දව අදහස් දැක්වූ රාජකීය විදුහලේ නිලධාරියකු පැවසුවේ තරගාවලියෙන් ඉවත්වීමට වඩා දෙවැනි පෙළ කණ්ඩායමක් හෝ ක‍්‍රීඩා කිරීම වැ`දගත් බවයි.
”අපිටත් තරගාවලියෙන් ඉවත් වෙන්න පුළුවන්. එහෙත් අපි හිතුවා ඊට වඩා හො`දයි අපි කනිෂ්ඨ ක‍්‍රීඩකයන්ගෙන් තරගයට සහභාගි වෙන්න” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
පළමු අවසන් පූර්ව තරගය කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී හෙට (05* පස්වරු 4.30 ට පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.