Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය අද (19 වැනිදා) වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පසුගිය වසරේදී ශූරතාව දිනාගත් කොළඹ රාජකීය විද්‍යාල ‘බී’ කණ්ඩායම සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අවසන් පූර්ව තරගයට පිවිස සිටිති.
කොළඹ රාජකීය විද්‍යාල ‘බී’ පිල පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයින් ලෙසින් දෙවැනි වටයට සුදුසුකම් ලැබීය. දෙවැනි වටයේදී කඳාන දි මැසිනෝද් විදුහල් ‘බී’ පිල පරදවමින් තෙවැනි වටයට සුදුසුකම් ලැබීය. තෙවැනි වටයේදී මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය පරාජයට පත් කරමින් කොළඹ රාජකීය විදුහල් ‘බී’ පිල අර්ධ අවසන් පූර්ව වටයට
සුදුසුකම් ලබාගත් අතර අර්ධ අවසන් පූර්ව වටයේදී බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල පළමු වටයේ දී තම කාණ්ඩයේ අනු ශූරයින් ලෙස දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය. එහිදී හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය පරදවමින් තෙවැනි වටයට සුදුසුකම් ලැබීය. තෙවැනි වටයේදී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ලයිසියම් ක්‍රීඩකයෝ අර්ධ අවසන් පූර්ව වටයේදී කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
කොළඹ රාජකීය විද්‍යාල ‘බී’ පිල ඉසුක වික්‍රමසිංහ විසින් මෙහෙයවනු ලබන අතර, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විද්‍යාල පිල තිනුක ජයසුන්දර විසින් මෙහෙයවනු ලබයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.