Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජස්ථාන් පිල පෙරමුණ ගනී

රාජස්ථාන් පිල පෙරමුණ ගනී

editorial - 2022 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර (2022) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 10 ක් නිමා වන විට ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ලකුණු 4 ක් ලබා සිටින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 2 කට සහභාගි වී ඇති රාජස්ථාන් කණ්ඩායම එම තරග 2 ම ජයගනිමින් අපරාජිතව සිටියි. කුමාර් සංගක්කාර රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත්, ලසිත් මාලිංග එම කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත් කටයුතු කරති.

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමද තරග 2 බැගින් ජයගෙන ලකුණු 4 බැගින් ලබා සිටින නමුත් දල ලකුණු වේගය අනුව කොල්කටා කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනි ස්ථානයටත්, ගුජරාට් කණ්ඩායම එහි තෙවැනි ස්ථානයටත් පත්ව තිබේ.

දිල්ලි කැපිටල්ස්, ලක්නව් සුපර්ජයන්ට්ස්, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් එක් තරගය බැගින් ජයගෙන ප්‍රසාද ලකුණු 2 බැගින් ලබා සිටිති. එහිදී දල ලකුණු වේගය අනුව දිල්ලි කණ්ඩායමට ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයත්, ලක්නව් කණ්ඩායමට පස්වැනි ස්ථානයත්, බැංගලෝර් කණ්ඩායමට හයවැනි ස්ථානයත්, පන්ජාබ් කණ්ඩායමට හත්වැනි ස්ථානයත් හිමිව තිබේ.  

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ඉෂාන් කිෂන් මෙතෙක් පැවැති තරග වලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර තරග 2 කදී අර්ධ ශතක 2 ක් සමගින් ඔහු රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 135 කි. දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 81 මේ දක්වා ඉෂාන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 135 ක් ලෙස සටහන් වේ.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ උමේෂ් යාදව් සමත් වී ඇති අතර තරග 3 කදී ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 8 කි. පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 23 කට කඩුලු 4 ක් දවාගැනීම මෙතෙක් යාදව්ගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන අතර ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 7.37 ක අගයක් ගනී.


-036


අදහස් (0)

රාජස්ථාන් පිල පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.