Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන රාජ්‍ය සේවා ‘එෆ්‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශ කණ්ඩායම සමත්විය.
කොළඹ රාජකීය විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයේදී අධ්‍යාපන අමාත්‍යාංශ කණ්ඩායම විසින් සබරගමුව විශ්ව විද්‍යාල පිල ලකුණු 93 කින් පරාජය කරන ලදි.
අධ්‍යාපන අමාත්‍යාංශය ඕවර 40 කදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 293ක් රැස් කළේය. අමාත්‍යාංශ පිල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ තරිඳු මධුවන්ත පන්දු 81කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 8ක් සමගින් ලකුණු 127ක් රැස් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය - ඕවර 40 කදී කඩුලු 7 ට 293 යි.
(තරිඳු මධුවන්ත 127, සුදේෂ් ඉඳුනිල් 36, ඉෂාර දෙව්නිත 27, ඩිල්ෂාන් මධුරංග 24, ශෂික මධුසංක 41/3, දිනුක මධුෂාන් 55/2)
සබරගමුව විශ්ව විද්‍යාලය - ඕවර 38.5 කදී සියලු දෙනා දැවී 200 යි.
(කුෂාන් හේමචන්ද්‍ර 53, ශෂික මධුසංක 53, දිනුක මධුෂාන් 33, තරිඳු මධුවන්ත 21/2, චින්තක සුමින්ද 24/2, සුදේෂ් ඉඳුනිල් 31/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.