Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ II වන කොටසේ තරගයකින් වත්තල ශා. අන්තෝනී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 99 ක ජයක් ලැබීමට මාතර රාහුල විද්‍යාලය සමත්වූ අතර තරගය මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී අද පැවැත්විණ.
ඉනිමකින් බේරීම සදහා ලකුණු 192 ක ඉලක්කයක් හඹා ගිය ශා. අන්තෝනී පිතිකරුවෝ ඊයේ දිනය නිමාවනවිට ලකුණු 66 කට කඩුලූ 6 ක් දැවී සිටි අතර අද උදෑසන තරගය අරඹා වැඩි වේලාවක් අන්තෝනී පිතිකරුවන්ට පිටියේ රැදීමට ඉඩ ලබා නොදීමට වයි. හේවානදුගල (21/4) සහ පී. සමරතුංග (21/3) වගබලා ගත්තේය.
ශා. අන්තෝනී විදුහල පළමු ඉනිම ඕවර 27.3 කදී සියලූ දෙනා දැවී 47
(සුපුන් ඩයස් නොදැවී 11, වයි. හේවානදුගල 11/4, එච්. රාජපක්ෂ 6/2, පී. සමරතුංග 10/2)
රාහුල විදුහල පළමු ඉනිම ඕවර 44 කදී කඩුලූ 6 ක් 239
(එච්. රාජපක්ෂ 77, සහන් මදුකල්ප නොදැවී 50, කේ. හසංග 35, දක්ෂිණ සුගීශ්වර 35, ආර්. ගුණවර්ධන 24, එස්. මුණවීර 48/3)
ශා. අන්තෝනී විදුහල දෙවන ඉනිම ඕවර 30.2 කදී සියලූ දෙනා දැවී 93
(ජේ. සචින් 42, ටී. ප‍්‍රසන්න 20, වයි. හේවානදුගල 21/4, පී. සමරතුංග 21/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.