Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
වසර 2022 ට නියමිත 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව දල්වන නිල යෂ්ඨිය වන රැජිනගේ යෂ්ඨිය ජනවාරි 3 වැනිදා දිවයිනට රැගෙන ඒමට නියමිතය. ඒ වෙනුවෙන් එදින සිට ජනවාරි 6 වැනිදා දක්වා දිවයිනේ ස්ථාන කීපයකදී රැජිනගේ යස්ඨිය පිළිගැනීමේ නිල උත්සව මාලාවක් ජාතික ඔලිම්පික් කමිටුව විසින් සංවිධානය කර තිබේ.
කොවිඩ් වසංගත තත්ත්වය මත එම උත්සව ආරාධිතයන් සීමාකර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
වසර 2022ජුලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා එක්සත් රාජධානියේ ‘බර්මින්හැම්’’ නුවරදී පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වේ. බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස පැවැති රටවල් හා ජාතීන් 72ක සහභාගිත්වයෙන් 22 මෙම ක්‍රිඩා උළෙල පැවැත්වේ.
සම්ප්‍රදායක් ලෙස ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව දල්වනු ලබන රැජිනගේ යෂ්ඨිය, එම රටවල් හරහා ගමන් කිරීමෙන් පසුව, ක්‍රීඩා උළෙල පැවැත්වෙන සත්කාර රාජ්‍යයේ නගරය වෙත ළඟා වේ.
ඒ අනුව යුරෝපය, අප්‍රිකාව, ආසියාව, බටහිර ඉන්දීය දූපත්, ඕස්ට්‍රේලියාව හා ඇමරිකාව යන කලාපවලට අයත් රටවල් 72 ක් හරහා රැජිනගේ යෂ්ඨිය දින 294 ක් පුරා ගමන් ගන්නා මුළු දුර කිලෝමීටර් 140,000 කි.
ඒ අනුව මාලදිවයින හා බංග්ලාදේශය හරහා ජනවාරි 3 වැනිදා පෙරවරු 11.00 ට කටුනායක ගුවන් තොටුපොළට ළඟාවන රැජිනගේ යෂ්ඨීය, එතැන් සිට ටොරින්ටන් පෙදෙසේ ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයට රැගෙන එනු ලබයි. එතැන් සිට දින දෙකක් පුරා මෙම යෂ්ඨිය පිළිගැනීමේ උත්සව සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, බ්‍රිතාන්‍ය කවුන්සිල අධ්‍යාපන ආයතනය, තෙල්දෙණිය නගරය ආසන්නයේ පිහිටි වික්ටෝරියා වේල්ල, හැටන් තේ වතුයාය, හන්තාන තේ කෞතුකාගාරය, රත්මලාන අන්ධ විදුහල, රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශය, රණබිම රාජකීය විදුහල හා අරලියගහ මන්දිරය යන ස්ථාන ගණනාවකදී රැජිනගේ යස්ඨිය පිළිගැනීම සඳහා නිල උත්සව සංවිධානය කර ඇත.
ජනවාරි 6 වැනිදා පස්වරුවේදී රැජිනගේ යෂ්ඨියට සමුදීමේ ශ්‍රී ලංකාවේ නිල උත්සවය අරලියගහ මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ක්‍රීඩා උළෙල වෙනුවෙන්, බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජින නිකුත් කළ විශේෂ පණිවුඩය අඩංගු රැජිනගේ යෂ්ඨිය, බකින්හැම් මාලිගාව අසලින් පිටත් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.