Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ මෙහෙයවීම යටතේ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල සංවිධානය කළ වයස 17 න් පහළ බැඩ්මින්ටන් ශූරතාවලියේ සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බාලක ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල සමත් විය. එහි බාලිකා ශූරතාව දිනාගනු ලැබුවේ නුගේගොඩ අනුලා විදුහල විසිනි.
බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් 70 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 950 ක් පමණ සහාභාගි වූ අතර එහිදී ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’ සහ ‘ඊ’ යන කාණ්ඩ යටතේ තරග පැවැත්විණ.
සුපිරි ‘ඒ’ කණ්ඩයේ අනු ශූරයන් බවට පත්වීමට මාතර රාහුල විදුහල සමත් වෙද්දී, කොළඹ විශාකා විදුහල ‘ඒ’ කණ්ඩයේ අනු ශූරියන් බවට පත් විය. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කොළඹ රාජකීය විදුහල සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බාලක තෙවැනි ස්ථානය හිමිකරගත් අතර මොරටුව ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමය සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහල ‘ඒ’ කාණ්ඩයේ බාලිකා තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහලේ විදුහල්පති, ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමයේ උප සභාපති ක්‍රිස්ටෝපර් බල්රාජ් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ ලේකම් සමන් විජේසිංහ මහතා සහ සාන්ත තෝමස් විදුහලේ නියෝජ්‍ය විදුහල්පති තිලක් ජයසිරි මහතා ඇතුළු පාසල් බැඞ්මින්ටන් සංගමයේ නිලධාරීන් රැසක් සහභාගි වූහ.
බාලක තරග ප්‍රතිඵල
සුපිරි ‘ඒ’ කාණ්ඩය
ශූරතාව - ගාල්ල රිච්මන්ඞ් විදුහල
අනු ශූරතාව - මාතර රාහුල විදුහල
‘ඒ’ කාණ්ඩය
ශූරතාව - කොළඹ ආනන්ද විදුහල
අනු ශූරතාව - කොළඹ නාලන්ද විදුහල
‘බී’ කාණ්ඩය
ශූරතාව - මොරටුව වේල්ස් කුමර විදුහල
අනු ශූරතාව - අනුරාධපුර මැදි විදුහල
‘සී’ කාණ්ඩය
ශූරතාව - ගම්පහ බණ්ඩාරනායක විදුහල
අනු ශූරතාව - පානදුර ශ්‍රී සුමංගල විදුහල
‘ඩී’ කාණ්ඩය
ශූරතාව - බණ්ඩාරවෙල මැදි විදුහල
අනු ශූරතාව - මහනුවර සිල්වෙස්ටර් විදුහල
‘ඊ’ කාණ්ඩය
ශූරතාව - බදුල්ල මැදි විදුහල
අනු ශූරතාව - කොළඹ මහානාම විදුහල
බාලිකා තරග ප්‍රතිඵල
සුපිරි ‘ඒ’ කාණ්ඩය
ශූරතාව - නුගේගොඩ අනුලා විදුහල
අනු ශූරතාව - කොළඹ විශාකා විදුහල
‘ඒ’ කාණ්ඩය
ශූරතාව - කොළඹ මියුසියස් විදුහල
අනු ශූරතාව - මාතර සුජාතා විදුහල
‘බී’ කාණ්ඩය
ශූරතාව - ගම්පහ යශෝදරා දේවි බාලිකා විදුහල
අනු ශූරතාව - අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල
‘සී’ කාණ්ඩය
ශූරතාව - නුගේගොඩ සුජාතා විදුහල
අනු ශූරතාව - කොළඹ ශාන්ත බි්‍රජෙට් කන්‍යාරාමය
‘ඩී’ කාණ්ඩය
ශූරතාව - කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය
අනු ශූරතාව - කොට්ටාව ධර්මපාල විදුහල
‘ඊ’ කාණ්ඩය
ශූරතාව - ගාල්ල රිපෝන් බලිකා විදුහල
අනු ශූරතාව - පිළියන්දල මැදි විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.