Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ කැතී නැගට් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ රිටි පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය. අද පැවැති අවසන් තරගයේදී මීටර් 4.90 ක උසක් පනිමින් ඇය එම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීවාය.
තිස් හැවිරිදි කැතී, ඔලිම්පික් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය වන නමුත් එහිදී සිය ඉහළම දක්ෂතාව දැක්වීමට ඇය අපොහොසත් වූවාය. මීටර් 4.95 ක උසක් පැනීම ඇගේ ඉහළම දක්ෂතාව ලෙස සටහන් වේ.
මීටර් 4.85 ක උසක දක්ෂතාවක් දැක්වූ රුසියානු ඔලිම්පික් කමිටුවේ ඇන්සලිකා සිඩොරෝවා එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර බ්‍රිතාන්‍යයේ හේලි බ්‍රැඩ්ෂෝ එහි ලෝකඩ පදක්කමට හිමිකම් කීවේද මීටර් 4.85 ක උසක දක්ෂතාවක් දක්වමිනි.
2008 වසරේ පැවැති බීජිං ඔලිම්පික් උළෙලේදී මීටර් 5.05 ක උසක් පනිමින් එම ඉසව්වේ ඔලිම්පික් වාර්තාව පිහිටුවීමට රුසියාවේ යෙලීනා ඉසින්බයේවා සමත් වූ අතර 2009 වසරේදී මීටර් 5.06 ක උසක් පනිමින් එහි ලෝක වාර්තාවද තමන් සතුකර ගැනීමට ඇය සමත් වූවාය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.