Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිදී පදක්කම දිනාගත් ජාලියට පිළිගැනීමක්

රිදී පදක්කම දිනාගත් ජාලියට පිළිගැනීමක්

editorial - 2022 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ගම්පහ තිලකරත්න දිසානායක)

ඉන්දියාවේ නාගලන් ප්‍රාන්තයේ පැවති ,  දකුණු ආසියානු රට හරහා දිවීමේ තරඟාවලියේදී රිදී පදක්කමක් දිනාගැනීමට වැලිවේරිවේ ජාලිය සංජීව සමත් වූයේය. මෙම ක්‍රීඩකයා පිළිගැනීමේ උත්සවයක් පසුගියදා වැලිවේරිය නගරයේදී පැවැත්විණි.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන ජාලිය සංජීව, බැලුම්මහරදී පිළිගෙන රථ පෙළපාලියකින් වැලිවේරිය නගරය දක්වා කැඳවාගෙන යන ලදි.

ජාලිය සංජීවගේ පුහුණුකරු මධුර පෙරේරා මහතා සහ සංජීවගේ මව සහ පියාද මෙම අවස්ථාවට එක්ව සිටියහ. පිළිගැනීමේ උත්සවය,  වැලිවේරිය වෙළඳ සංගමය සහ වැලිවේරිය පල්ලියවත්ත තරුණ කැල විසින් සංවිධානය කරනු ලැබිණ.



රථ පෙළපාලියෙන් කැඳවාගෙන ගිය අයුරු.  
 


අදහස් (0)

රිදී පදක්කම දිනාගත් ජාලියට පිළිගැනීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.