Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිදී පදක්කම් වාසිය ඇමෙරිකාවට
පැරිස් ඔලිම්පික් - 2024

රිදී පදක්කම් වාසිය ඇමෙරිකාවට

editorial - 2024 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ ප්‍රංශයේ පැරිස්  නුවර සිට)

පැරිස්  ඔලිම්පික්  උළෙල  නිමාවේ එක්සත් ජනපදය හා චීනය සම රන් පදක්කම් ගණනක් ලැබීමෙන්  එහි සමස්ත ජයග්‍රාහකයා  තේරීම ඔවුන්ගේ   රිදී  පදක්කම් ගණනයෙන් සිදු කෙරුණි.

ඒ අනුව අවසන් මොහොතේ එක්සත් ජනපදය  පැරිස් ඔලිම්පික් උලෙළේ  ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ වූයේ චීනයට වඩා වැඩි රිදී පදක්කම් ගණනක් ලැබීමෙණි.

පැරිස් ඔලිම්පික් උළෙලේ  පෙරේදා (12) අවසන් දිනයේ අවසන් ක්‍රීඩා ඉසව්ව ලෙස පැවැති පැසිපන්දු (කාන්තා) අවසන් මහ තරගය සත්කාරක ප්‍රංශය පරදා එක්සත් ජනපදය  ජය ගැනීමත් සමග ඔවුන් හා චීනය දිනා ගත් රන් පදක්කම් ගණන 40 බැගින් සම වූහ.

එතෙක් පැරිස්  ඔලිම්පික් සමස්ත ජයග්‍රාහකයාවී තිබුණේ වැඩි එක් රන් පදක්කමකින් චීනයයි.කෙසේවූවත් එක්සත්  ජනපදය 2020 ටෝකියෝ ඔලිම්පික්  උළෙල ජය ගත්තේද චීනය හා තියුණු තරගයකින් පසුව වැඩි එක් රන් පදක්කමකිනි.

එහෙත් පැරිස් ඔලිම්පික් උළෙලේ රිදී පදක්කම්ද සම වූයේ නම් අනතුරුව තව දුරටත් ජයග්‍රාහකයා  නිර්දේශ  ලබන වැඩි ලෝකඩ පදක්කම් ගණනෙන්ද ඉදිරියෙන් සිටියේ ඇමැරිකාවයි.ඔවුන් මෙවර එක් රටක් ලෙස රන් රිදී  හා ලෝකඩ වැඩිම පදක්කම් ගණනක් දිනා ගත් රාජ්‍යය ද වේ.

මීළඟ  ඔලිම්පික්  උළෙලේ  (2028) සත්කාරය දරන්නේද  එක්සත් ජනපදය  විසිනි.ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වෙන මීළග ඔලිම්පික්  උළෙලට විස්සයි -20 ක්‍රිකට් ඉසව්වද ඇතුළත් වේ.

 


අදහස් (0)

රිදී පදක්කම් වාසිය ඇමෙරිකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.