Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ඇම්.ඩබ්.සෝමරත්න - මාතලේ)
වාර්ෂිකව පැවැත්වෙන රිවස්ටන් මාර්ග ධාවන තරඟය මෙවර මේ මස 26 වැනි දින මාතලේ සිට රිවස්ටන් කන්ද තරණය කරමින් පැවැත්වෙන බව මාතලේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා සංගමයේ ලේකම් රංජිත් අළුවිහාරේ මහතා පවසයි.
මේ මස 26 වැනිදා (ඉරිදා) පෙරවරු 6.00ට මාතලේ පුරන්අප්පු කුළුණ අසලින් ආරම්භ වන මෙම තරඟය කිලෝමීටර් 20.9 ක දුරකින් යුතුය.
ජයග්‍රහයකයින්ට පළමු ත්‍යාගය සඳහා රු.25,000ක් ද, දෙවන ත්‍යාගය සඳහා රු.15,000ක් ද තෙවන ත්‍යාගය සඳහා රු.10,000ක් ද පිරිනැමේ.
මෙම තරඟයේ ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවය මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක, පුරපති සන්දනම් ප්‍රකාශ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.