Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජාතික තරගාවලියේ ඊයේ ආරම්භක දිනයේදී පැවැති ඉසව් අතරින් හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වට දැඩි අවධානය යොමු විය.
එහිදී නොබෝදා කොරියාවේදී තරග වැදීමේදී පැරිස් ඔලිම්පික් නිර්දේශය සදහා සෙන්ටිමීටර් පහක් පමණක් අඩුවූ (මීටර් 85.50 - තරගාවලි හා ශ්‍රී ලංකා නව වාර්තාවකි) ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග ඊයේ සුමේධ රණසිංහට පරාජය වීම කැපී පෙණුනි.
ඒ අනුව ඉසව්ව ජය ගත් යුද හමුදා ක්‍රීඩක සුමේධ රණසිංහ මීටර් 77.68 ක දක්ෂතාව ක්ද දෙවැනි තැනට පත් ගුවන් හමුදා ක්‍රීඩක රුමේෂ් තරංග මීටර් 77.10 කද දක්ෂතාව ක්ද ඊයේ දැක්වූහ.මොවුන් දෙදෙනාම ජූනි 30 වැනිදා පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පංචකුලා නුවරදී තරග වැදීමට සූදානම්ව සිටියි.
අද තරගාවලියේ මීටර් 400 (පිරිමි) ඉසව්වේ අවසන් තරගය පෙරවරු 8.55 ට පැවැත්වේ.ඒ සදහා පැරිස් ඔලිම්පික් නිර්දේශ අපේක්ෂාවෙන් පසුවන අනුර දර්ශන හා කාලිංග කුමාරගේ තරග වදිති. පැරිස් ඔලිම්පික් නිර්දේශ තහවුරුවට එම ඉසව්වෙන් අවම තත්පර 45.00 දක්ෂතාවක් පළ කළ යුතූය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.