Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික රෝද සපත්තු (Roller Skating) තරග මාලාව කැලණිය රජමහ විහාරස්ථානය අසල විශේෂයෙන් තෝරාගත් ධාවන පථයකදී දැන් පැවැත්වේ. තරගාවලිය ආරම්භ වූයේ ඊයේ (26) දිනයේය.
චීනයේදී ලබන වසරේදී පැවැත්වෙන ආසියානු රෝද සපත්තු ශූරතා තරගාවලිය ඉලක්ක කරමින් තරගාවලියට සමගාමීව තේරීම් තරග පෙළක් එදින පැවැත්වුණේ කොළඹ ටොරින්ටන් නිදහස් චතුරස්‍රය අසළ ධාවන පථයේදීය.
ඒ අනුව හෙට සහ අනිද්දාත් (28 – 29) තරග මාලාවේ ආධුනික කනිෂ්ඨ කාණ්ඩයේ බාලක හා බාලිකා වයස 6 න් ඉහළ සිට 18 න් ඉහළ දක්වා බාලක හා බාලිකා ඉසව් ගණනාවක් පැවැත්වේ. ඒ ආධුනික විවෘත කාන්තා හා පිරිමි ප්‍රධාන ඉසව් දෙක හැරුණු කොටය. ඒ සඳහා වයස් බේදයකින් තොරව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකිය.
වසර 2009 දී ශ්‍රී ලංකාව ක්‍රීඩා ඉසව්වක් ලෙස කොටිකාවත්ත ධර්මපාල විදුහලේ සිසුන් දෙදෙනෙකුගේ සහභාගිත්වයෙන් රෝද සපත්තු ක්‍රීඩාව හඳුනා ගැනීමෙන් පසුව 2015 දී ශ්‍රී ලංකා රෝද සපත්තු සංගමය මෙරට රෝද සපත්තු ක්‍රීඩා නිල පරිපාලන ඒකකය ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පිළිගත් ක්‍රීඩා ඉසව් නිල නාමලේඛනයට 2015 සිට රෝද සපත්තු ක්‍රීඩාව ඇතුළත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක රෝද සපත්තු ක්‍රීඩාව ව්‍යාප්තව පවතින බව ශ්‍රී ලංකා රෝද සපත්තු සංගමයේ ලේකම් නීල් පෙරේරා මහතා පවසයි.
වසර 2017 දී ආධුනික තරග මාලාව පැවැත්වීමෙන් පසුව එය මෙවර සංවිධානය කෙරෙන්නේ පළමු වතාවටය. රෝද සපත්තු සංගමය වසර 2017 දී ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වයද ලබා තිබේ. අන්තර් ජාතික සංගමයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට හිමිවූයේ 2010 වසරේදීය.
තරග ඉසව් තෙවැනි ස්ථානය දක්වා පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රන් රිදී හා ලෝකඩ පදක්කම් හා සහතිකපත් ප්‍රදානය කෙරේ. ඒ හැරෙන්නට විවෘත කාන්තා හා පිරිමි ආධුනික ඉසව්හි ජයග්‍රාහී දිස්ත්‍රික්කය සඳහා ශූරතා කුසලාන ප්‍රදානය කෙරේ.
වසර 2022 දී චීනයේ පැවැත්වෙන ආසියානු රෝද සපත්තු ක්‍රීඩා ශූරතා තරගාවලියට කිලෝමීටර් 1 කිලෝමීටර් 3 හා කිලෝමීටර් 10 කාන්තා හා පිරිමි ඉසව් ඇතුළත් වේ.
රෝද සපත්තු සංගමයේ වත්මන් සභාපතිවරයා වන්නේ සුමිත් චානක විජේසිංහ මහතාය. ඉරිදා ටොරින්ටන් පෙදෙසේ පැවැති තරගමාලාවේ සමාරම්භක අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.