Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසරක පමණ කාලයකට පසුව රෝහිත් ෂර්මා ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් වී සිටී. ඕස්ට්‍රේලියාවට එරෙහි සිඩ්නි නුවරදී හෙට (7 වැනිදා) ආරම්භ වන තෙවැනි ටෙස්ට් තරගයට රෝහිත් ෂර්මා නම්කර තිබේ.
එක්දින ක්‍රීඩකයකු ලෙසින් ලේබල් ගසා තිබුණද බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ශතක දෙකකින් සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ රෝහිත් ෂර්මාගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 46.54 කි. ටෙස්ට් තරග 32 කදී ශතක 6 ක් සහ අර්ධ ශතක 10 ක් සමගින් ලකුණු 2141 ක් ලබා සිටින රෝහිත් ෂර්මාගේ හොඳම ටෙස්ට් ඉනිම ලෙසින් සටහන් වන්නේ දකුණු අප්‍රිකානු පිලට එරෙහිව රංචි නුවරදී ලබාගත් ලකුණු 212 යි.
වසර 2019 තුළදී රෝහිත් ෂර්මාගේ ටෙස්ට් ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ 176, 127, 14, 212, 6 සහ 21 ක් ලෙසිනි. මේ හේතුවෙන්ම ටෙස්ට් පිලේ උපනායක තනතුරට උසස්වීමක් ලද රෝහිත් ෂර්මා හෙට සිඩ්නි පිටියේදී ඉන්දීය පිල වෙනුවෙන් ඉනිම ආරම්භ කරනු ඇත.
මේ අතර නවදීප් සයිනි සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටී.
බොක්සිං දින ටෙස්ට් තරගයේදී කලවයේ මාංශ පේශි ඉරාගත් උමේෂ් යාදව් වෙනුවට සයිනි කණ්ඩායමට එක්වෙයි.
ඉන්දියානු කණ්ඩායම :
අජින්ක්‍යා රහනේ (නායක), රෝහිත් ෂර්මා, ෂුබ්මන් ගිල්, චෙටේෂ්වර් පුජාරා, හනුමා විහාරි, රිෂාබ් පන්ට් (කඩුලු රකින්නා), රවීන්ද්‍ර ජදේජා, රවිචන්ද්‍රන් අශ්වින්, ජස්ප්‍රිත් බුම්රා, මොහොමඩ් සිරාජ් සහ නවදීප් සයිනි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.