Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලක්මාල්ගෙන් කඩුලු 7 ක්

ලක්මාල්ගෙන් කඩුලු 7 ක්

editorial - 2022 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී කඩුලු 7 ක් දවාගැනීමට ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සමත් විය.

ග්ලැමෝගන් පළමු ඉනිමේදී කඩුලු 5 ක් දවාගැනීමට ලක්මාල් සමත් වූයේ මේ වන විට ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණේ පසුවන ඕස්ට්‍රේලියානු පිතිකරු මානස් ලැබුෂේන්ගේ කඩුල්ලද සමගිනි. ලකුණු 130 ක් ලබා සිටි ලැබුෂේන් දැවී ගියේ ලක්මාල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමිනි.

ලැබුෂේන්ට අමතරව පළමු ඉනිමේදී කිරන් කාල්සන් (9), ටොම් කලන් (9), මයිකල් නේසර් (5) සහ මයිකල් හෝගන් (11) දවාගත් ලක්මාල්, දෙවැනි ඉනිමේදී ඇන්ඩෘ සැල්ටර්ගේ (0) සහ කිරන් කාල්සන්ගේ (37) කඩුලු දෙකට හිමිකම් කීවේය.


ඩර්බිෂයර් පළමු ඉනිම - සියලු දෙනා දැවී 368
ග්ලැමෝගන් පළමු ඉනිම - සියලු දෙනා දැවී 387
ඩර්බිෂයර් දෙවැනි ඉනිම - කඩුලු 3 ක් දැවී 349
ග්ලැමෝගන් දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 310

-036

 


අදහස් (0)

ලක්මාල්ගෙන් කඩුලු 7 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.