Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයකු මෙන්ම පුහුණුකරුවකු වූ ලකී රොජර්ස් ප‍්‍රනාන්දු මහතා අභාවප‍්‍රාප්ත විය. අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 51 වැනි වියේ පසුවිය.
මොරටු මහා විද්‍යාලයේ කැපී පෙනෙන කඩුලූ රකින්කු සහ පිතිකරුවෙකු වූ ලකී රොජර්ස් දිගු කලක් රෝගාතුරව සිටියේය. ඔහු මහතා 1989 වසරේ මාවන් අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ද සාමාජිකයෙකු විය.
1989 වසරේ පාසල් කි‍්‍රකට් වාරයේ දී ධර්මාලෝක විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 264 ක් ලබා ගනිමින් ලකුණු 1,493 ක් රැුස් කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට ඔහු සමත්විය. ඔහු කොළඹ සහිරා විද්‍යාලයට සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලට එරෙහිව පිට පිට ඉනිම 4 කදී ශතක හතරක් ලබා ගත්තේය.
දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ආනන්ද විදුහල් කණ්ඩායමේ පුහුණුකරු ලෙසද රොජර්ස් මහතා කටයුතු කළ අතර හිටපු දඟ පන්දු යවන ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස්ගේ දස්කම් හඳුනා ගනිමින් ඔහුව ඉදිරියට රැගෙන ඒමේ ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ගෞරවයද හිමි වන්නේද ලකී රොජර්ස් මහතාටය.
සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වූ රොජර්ස් මහතා ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ උතුරු කෝෆීල්ඞ් ක‍්‍රිකට් සමාජය සමඟ වසර 6 ක කාලයක් සේවය කළේය.
රොජර්ස් මහතා 1989 වසරේ විශිෂ්ඨතම පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා (පිට පළාත්) ලෙස සම්මානයට පාත‍්‍ර වූ අතර එම තරග වාරයේදී ලකුණු 1000 පසු කළ එකම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා බවට ඔහු පත්විය. තරග 7 කදී ඔහු ලකුණු 1000 සම්පූර්ණ කර තිබීම කැපී පෙණුනි.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.