Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
පිට පිටම තෙවැනි වතාවටත් ආසියානු දැල්පන්දු (නෙට්බෝල්) කුසලාන දිනා ගැනීමේ අවස්ථාව ඊයේ (27) ශ්‍රී ලංකාවෙන් ගිළිහී ගියේය. ඒ ඉන්දියාවේ බැංගලෝර් නුවරදී ඊයේ නිමාවට පත්වූ 13 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් මහ තරගයෙන් සිංගප්පූරුවට ශ්‍රී ලංකාව ලකුණු 67 - 64 ක තියුණු පරාජයක් ලැබීමෙණි.
ඒ අනුව ශ්‍රී ලංකාවට වසර 2016 න් පසුව තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු විය.දෙපිල අතර ඊයේ පැවැති අවසන් මහ තරගය අවසන් විනාඩිය දක්වා අති තියුණු මුහුණුවරක් ගැනීම හමුවේ ජයග්රාහි කණ්ඩායම තීරණය කිරීම සදහා අතිරේක තරග කාලයක් ලබාදීමටද සිදු විය.
එහිදී පැය දෙකකට ආසන්න කාලයක් පුරා විටින් විට දෙපිලේ ලකුණු සම වෙමින්ද ඇදී ගිය තරග නිමාව සටහන් වූයේ වැඩි ලකුණු තුනකින් (67-64) සිංගප්පූරුවට ජය හිමි වෙමිණි. තරගයේ නියමිත කාලය අවසන් වූයේ ලකුණු 52-52 කට සම වෙමිණි.
එහිදී පළමු වටය ලකුණු 17-12 ක් ලෙස පෙරමුණ ගැනීමට සිංගප්පූරුව සමත් විය. එහෙත් දෙවැනි හා තෙවැනි වට ජය ගත්තේ (15/11-15/11) ශ්‍රී ලංකාව විසිනි. නැවැත සිව් වැනි වටය 13-10 කට ජය ගැනීමෙන් නියමිත තරග කාලයේ මුළු ලකුණු සම කර ගැනීමට සිංගප්පූරුව සමත් විය.
එයින් අනතුරුව අතිරේක තරග කාලය තුළදීත් එකිනෙකට නොදෙවෙනි දෙපිලේ දක්ෂතා හමුවේ මෙලෙස තරගය සමවූ අවස්ථා කීපයක්ම නැවතත් වාර්තා විය. ශ්‍රී ලංකාව අවසන් වරට (2022) ආසියානු කුසලාන දිනා ගත්තේ සිංගප්පූරුව අවසන් තරගයේදී ලකුණු 63-53 කට පරාජය කරමිණි.
සිංගප්පූරුව මීට පෙර අවසන් වරට ආසියානු දැල්පන්දු කුසලාන දිනා ඇත්තේ මීට දශකයකට පෙර 2012 කොළඹදී පැවැති නව වැනි තරගාවලියේදීය. එහිදීත් ඔවුන්ට පරාජය වූයේ ශ්‍රී ලංකාවයි.
ශ්‍රී ලංකාවේ අවසන් මහ තරග පරාජය ගැන පුහුණුකාරීණී දීපි නාලිකා ප්‍රසාදි මහත්මිය පැවැසුවේ පන්දු රැකීමේ දුර්වලතා කීපයක් ඊට හේතුවූ බවයි. ශ්‍රී ලංකාව මීට පෙර ආසියානු දැල්පන්දු කුසලාන දිනා ගත් අවස්ථා ගණන හයකි. ඊයේ ජයග්‍රාහණයත් සමග සිංගප්පූරුව සිව් වතාවක් එය දිනා තිබේ.
ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය දක්වා පිට පිටම තරග හතක් ජය ගනිමින් මෙවර අවසන් මහ තරගයට නිර්දේශ ලැබීය. පෙරේදා පැවැති අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ හොංකොං ලකුණු 71-41කින් පරාජයට පත් කරමිණි.
ඒ අතර සිංගප්පූරුව මෙවර අපරාජිතව තරගාවලිය ජය ගැනීමට සමත් වීම කැපී පෙණුනි. මලයාසියාව අවසන් පූර්ව තරගයේදී ඔවුන්ට පරාජය විය. ඒ ලකුණු 54-46 කටය.
ඊයේ පැවැති තෙවැනි ස්ථානය තේරීමේ තරගයේදී මැලේසියාව විසින් හොංකොං ලකුණු 67-48 කින් පරාජය කරන ලදී. මීළග 14 වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය හොංකොං රාජ්‍යයේදී පැවැත්වේ.
මෙවර ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වන විට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය නිලවරණයේ ආරවුල් හේතුවෙන් අත් හිටුවා තිබුණි. ඒ හේතුවෙන් මෙම තරග සංචාරයේ සම්බන්ධ්කරණ කටයුතු කළේ ක්‍රීඩා අමාත්‍යාංශය විසිනි. දුලංගී වන්නිතිලක ආසියානු අනුශූර ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.