Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලන්කන් පිලට කඩුල්ලක තියුණු ජයක්

ලන්කන් පිලට කඩුල්ලක තියුණු ජයක්

editorial - 2022 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති තරගයකදී ඒස් කැපිටල් පිලට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට ලන්කන් පිල සමත්විය. ජයග්‍රහණය සඳහා ලකුණු 91 ක ඉලක්කයක් හඹාගිය ලන්කන් පිලට ඕවර 19.2 කදී කඩුලු 9 ක් දැවී තිබියදී ඉතා අපහසුවෙන් ඉලක්කය පසුකර යෑමට හැකිවිය.

ලකුණු 71 කට කඩුලු 9 ක් දැවී තිබියදී අවසන් කඩුල්ල සඳහා එක්වූ මිරංග වික්‍රමගේ සහ හේෂාන් මධුශංක එක්ව පන්දු 15 කදී ලකුණු 20 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් ලන්කන් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

මිරංග වික්‍රමගේ පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 19 ක් සහ හේෂාන් මධුශංක පන්දු 6 කදී නොදැවී ලකුණු 4 ක් ලබා සිටියහ.

මලීෂ සිල්වා, සිතුම් දිසානායක සහ තනුක දාබරේ කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද අවසන් කඩුල්ල දවාගැනීමට අපොහොසත් වීම හේතුවෙන් ඒස් කැපිටල් පිලට පරාජය උරුම විය.

කාසියේ වාසිය දිනාගත් ලන්කන් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඒස් කැපිටල් පිලට ඕවර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 90 ක් පමණි.

ආරම්භක පිකිකරු ශෙහාන් ප්‍රනාන්දු පන්දු 30 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 25 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට ලන්කන් පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

යෙසිත් රූපසිංහ කඩුලු 3 ක් ද, රජීව වීරසිංහ සහ පූර්ණ වන්නිතිලක කඩුලු 2 බැගින්ද දවාගනිමින් ඒස් කැපිටල් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

තවත් තරග 2 ක් උදෑසන පැවැති අතර එහිදී කළුතර නාගරික පිලට එරෙහිව නාවික හමුදා පිලත්, කුරුණෑගල යොවුන් පිලට එරෙහිව මූවර්ස් පිලත් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්විය.

සවස් කාලයේ පැවැති තරග 3 වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළහ. ඒ අනුව සැරසන්ස් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයත්, සී.සී.සී. සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයත්, ගාල්ල සහ යුදහමුදා කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයත් වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ තරග විය.

පබසර වඩුගේ සහ දිනුක දිල්ෂාන් (මූවර්ස්), මිනෝද් භානුක (සී.සී.සී), ක්‍රිෂාන් සංජුල (එස්.එස්.සී) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූවන් වූහ.


ඒස් කැපිටල් සහ ලන්කන් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
ඒස් කැපිටල් - ඕවර 20 කදී සියලුදෙනා දැවී 90
(ශෙහාන් ප්‍රනාන්දු 25, යෙසිත් රූපසිංහ 13/3, රජීව වීරසිංහ 11/2, පූර්ණ වන්නිතිලක 11/2)
ලන්කන් - ඕවර 19.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 91
(රවිඳු රත්නායක 22, මලීෂ සිල්වා 06/2, සිතුම් දිසානායක 09/2, තනුක දාබරේ 17/2)


නාවික හමුදා පිලට ලකුණු 11 ක ජයක්
කළුතර නාගරික සහ නාවික හමුදා කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
නාවික හමුදාව - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 134
(අරවින්ද අකුරුගොඩ 43, අමිත් එරන්ද 21, ටී.වීරසිංහ 17/2, ටාෂික් පෙරේරා 29/2)
කළුතර නාගරික - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 123
(අමර්ත්‍ය කොෟල් 47, අභිෂේක් ආනන්දකුමාර 28, ටී.වීරසිංහ 29, රෂ්මික දුලාංජන 18/3, ඩිලන්ක අවඩ් 18/2)


මූවර්ස් පිලට ලකුණු 39 ක ජයක්
කුරුණෑගල යොවුන් සහ මූවර්ස් කණ්ඩායම් අතර එස්.සී.සී ක්‍රීඩාංගණයේදී
මූවර්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 180
(සොහාන් ද ලිවේරා 26, පබසර වඩුගේ 64, දිනුක දිල්ෂාන් නොදැවි 55, නිලංක ප්‍රෙමරත්න 22/2, ළහිරු අබේසිංහ 36/2)
කුරුණෑගල යොවුන් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 141
(ගයාන් මනීෂාන් 26)


විසඳුමකින් තොරයි
සී.සී.සී. සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
සී.සී.සී - ඕවර 14.3 කදී කඩුලු 5 ක් දැවී 97
(මාලින්ද පුෂ්පකුමාර 40, මිනෝද් භානුක 51, නිපුන කාරියවසම් 15/2, දේශාන් ප්‍රනාන්දු 23/2)


විසඳුමකින් තොරයි
සැරසන්ස් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
එස්.සී.සී - ඕවර 16 කදී කඩුලු 2 ක් දැවී 130
(ධණුෂ්ක ගුණතිලක 42, ක්‍රිෂාන් සංජුල නොදැවී 52, ශෙවෝන් ඩැනියෙල් 21)


විසඳුමකින් තොරයි
ගාල්ල සහ යුදහමුදා කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
ගාල්ල - ඕවර 17 කදී කඩුලු 7 ක් දැවී 91
(නුවන් ප්‍රියදර්ශන නොදැවී 19, ගයාන් බණ්ඩාර 19/3, සීකුගේ ප්‍රසන්න 14/2)


අදහස් (0)

ලන්කන් පිලට කඩුල්ලක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.