Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලයනල් - ෂාමලී රට හරහා තරගය දිනති

ලයනල් - ෂාමලී රට හරහා තරගය දිනති

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කළ 42 වැනි ජාතික ක‍්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරගාවලියේ පිරිමි තරගය ජය ගැනීමට මධ්‍යම පළාත නියෝජනය කළ ඩි. ලයනල් සමරජීව සමත්විය. ඌව පළාත නියෝජනය කළ ෂාමලී අනුෂා කාන්තා තරගය ජය ගත්තාය.

මෙම තරගාවලිය අද (7) පෙරවරුවේ නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්විණ.

පිරිමි තරගය ස`දහා ක‍්‍රීඩා උළෙලට ඇතුළත් පළාත් නවයෙන් පළාතකින් ක‍්‍රීඩකයන් 10 දෙනා බැගින් ක‍්‍රීඩකයෝ 90 දෙනෙක් ද, කාන්තා තරගය ස`දහා පළාතකින් ක‍්‍රීඩිකාවන් 6 දෙනකු බැගින් ක‍්‍රීඩිකාවෝ 54 දෙනෙක් සහභාගි වුහ.

සමරජීව මෙම තරගය විනාඩි 32.49.04 ක කාලයකින් නිම කළේය. දෙවැනි ස්ථානය ලැබු ඌව පළාතේ එරන්ද තෙන්නකෝන් විනාඩි 33. 02. 06 ක් ද, තෙවැනි ස්ථානයට තරගය නිම කළ මධ්‍යම පළාතේ ඒ. කේ. බණ්ඩාර විනාඩි 33. 15. 89 ක කාලයක් ද වාර්තා කළහ.

කාන්තා තරගයේ ජයග‍්‍රාහිකාව වු ෂාමලී අනුෂා විනාඩි 37. 49. 17 ක කාලයකින් තරගය අවසන් කළාය. සබරගමු පළාතේ ලංකා ආරියදාස (විනාඩි. 39.42.59) සහ මධ්‍යම පළාතේ වී. ක‍්‍රිෂාන්තනී (විනාඩි 40.08.44) පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ලැබුහ.

මෙම වසරේ පැවැත්වෙන ජාතික මහ ක‍්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 3 වැනිදා සිට 11 වැනිදා දක්වා යාපනයේ දොරේඅප්පා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


පිරිමි තරගය

1. ඞී. ලයනල් සමරජීව (මධ්‍යම පළාත, වි.32.49.04)
2. ටී. එම්. එරන්ද තෙන්නකෝන් (ඌව පළාත, වි.33.02.06)
3. ඒ. කේ. බණ්ඩාර (මධ්‍යම පළාත, වි.33.15.89)
4. පී. ඞී. අරුණසිරි (උතුරු මැද පළාත, වි.33.26.11)
5. ජේ. ආර්. සමන් කුමාර (ඌව පළාත, වි.33.47.11)
6. කේ. එම්. ජයතිලක බණ්ඩාර (ඌව පළාත, වි.33.53.24)
7. කේ. කේ. ඞී. නුවන් තීක්‍ෂණ (ඌව පළාත, වි.34.27.54)
8. මංජුල විජේරත්න (නැගෙනහිර පළාත, වි.34.36.64)
9. ධනුෂ්ක කුමාර (ඌව පළාත, වි.34.43.70)
10. ඒ. ඞී. එන්. චාමර (දකුණු පළාත, වි.34.43.88)


කාන්තා තරගය

1. එල්. එච්. ෂාමලී අනුෂා (ඌව පළාත, වි.37.49.17)
2. ඒ. එන්. ලංකා ආරියදාස (සබරගමු පළාත, වි.39.42.59)
3. වි. ක‍්‍රිෂාන්තනී (මධ්‍යම පළාත, වි.40.08.44)
4. එස්. එම්. වික‍්‍රමසුරිය (මධ්‍යම පළාත, වි.40.18.51)
5. කේ. මංජුලා කුමාරසිංහ (බස්නාහිර පළාත, වි.40.36.07)
6. මේනකා ප‍්‍රනාන්දු (බස්නාහිර පළාත, වි.41.50.55)
7. එච්. එම්. එන්. නන්දසේන (නැගෙනහිර පළාත, වි.42.24.52)
8. ඞී. පී. එම්. හසිනී මධුෂිකා (බස්නාහිර පළාත, වි.42.46.36)
9. එච්. ඩබ්ලිව්. සී. දමයන්ති (සබරගමු පළාත, වි.43.12.78)
10. එච්.ඞී.කරුණානායක (උතුරුමැද පළාත, වි.43.23.95)

 

 

 

 


අදහස් (0)

ලයනල් - ෂාමලී රට හරහා තරගය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.