Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට)
වෛරස් උණක් හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවකු වන ලිටන් දාස්ට ආසියානු කුසලාන තරගාවලිය අහමි වී තිබේ. ලිටන් දාස් විවේක ගතයුතු වීම හේතුවෙන් ඔහුගේ ස්ථානය සඳහා ඉදිරිපෙළ පිතිකරුවකු වන අනමුල් හක් බංග්ලාදේශ කණ්ඩායමට ඇතුළත් කර තිබේ.
අනමුල් හක් බංග්ලාදේශයේ සිට අද (30 වැනිදා) ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත නමුත් හෙට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගය සඳහා ඔහු ක්‍රීඩා නොකරනු ඇතැයි වාර්තා වේ.
එක්දින තරග 44 ක් ක්‍රීඩා කර ඇති අනමුල් හක් 30 හැවිරිදි පළපුරුදු ක්‍රීඩකයෙකි.
බංග්ලාදේශ නායක සකිබ් අල් හසන් අද පැවැති පුවත් පත් සාකච්ඡාවේදී කියා සිටියේ ලින් දාස් වෙනුවට කණ්ඩායමට එක්වන ක්‍රීඩකයා කඩුලු රැකීමේ හැකියාවත් ඇති ක්‍රීඩකයකු වීම වැදගත් වන බවයි.
අනමුල් හක් අවසන් වරට බංග්ලාදේශ එක්දින කණ්ඩායම නියෝජනය කර ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවැති තරගයකදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.