Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලීග් කුසලාන යුනයිටඩ් කණ්ඩායමට

ලීග් කුසලාන යුනයිටඩ් කණ්ඩායමට

editorial - 2024 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අනුරාධපුරය පාපන්දු ලීග් ශූරතාව අනුරාධපුරය යුනයිටඩ් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී. ඒ අවසන් මහ තරගයේදී සුපර් වොරියස් ක්‍රීඩා සමාජය පරාජය කරමිණි.

 එම ලීගයේ මහ සභාව (2024) අනුරාධපුරය ගැමි ගෙදරදී පැවත්විණි. එහි සභාපති දක්ෂිත තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මහ සභා රැස්වීමේදී එම ලීගය වසර 2023 සඳහා සංවිධානය කළ පාපන්දු තරගාවලි ජයග්‍රාහී කණ්ඩායම් සඳහා තෑගී ප්‍රදානයද සිදු කෙරුණි.

 පසුගිය වසරේදී (20023) අනුරාධපුරය ලීගය විසින් රුපියල් මිලියන 4.8 කට ආසන්න වියදමක් ප්‍රවර්ධන කටයුතු සඳහා වැය කර තිබේ. ඒ සඳහා ප්‍රධාන අනුග්‍රාහය දරා ඇත්තේ ලීගයේ සභාපති දක්ෂිත තිලංග සුමතිපාල මහතාය.

 එම වියදම් දැරීමේදී පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මෙම වසරේ මාර්තු මාසය දක්වා රුපියල් මිලියන තුනකට ආසන්න මුදලක් වැය කර තිබේ.

 අනුරාධපුරය පාපන්දු ලීගයේ ලේකම් විජිත කුමාර ද සිල්වා, භාණ්ඩාගාරික රවීන්ද්‍ර රණසිංහ, උප සභාපති මලිත් පසන් සේනානායක, උප ලේකම් සුසිල් ප්‍රේමදාස, ප්‍රධාන සංවිධායක කේ.එච්.ජී. රුචිර යන මහත්වරු ඇතුළු පිරිසක් සභාභාගි වූහ.

 ඒ කාණ්ඩයේ ශූරතාව දිනා ගත් යුනයිටඩ් කණ්ඩායමට රුපියල් ලක්ෂ පහක් හා අනුශූර ස්ටාර් වොරිස් කණ්ඩායමට රුපියල් ලක්ෂ තුනක්ද ප්‍රදානය කෙරුණි.

 බී කාණ්ඩයේ ශූරතාව වෙනුවෙන් ප්‍රදානය කළ රුපියල් ලක්ෂ තුනක මුදල් ත්‍යාගය මෙහිදී හිමිවූයේ පැරගන් එස්.සී. කණ්ඩායමටයි. වොරියස් ක්‍රීඩා සමාජය අනුශූරතාවට හිමි රුපියල් 150000 ක මුදල එහිදී ලැබීය.

 ඒ කාන්ඩයේ හොඳම දැල් රකින්නා වූ එස්.ඩී. ද. සිල්වා (යුනයිටඩ්) එහි දක්ෂතම ක්‍රීඩකයා වූ එස්. එල්.කේ. තාරක (යුනයිටඩ්) ඇතුළු දක්ෂතම ක්‍රීඩකයන්ට මෙහිදී ප්‍රදානය කෙරුණු මුළු මුදල රුපියල් ලක්ෂ 15 ක් පමණ විය.

උත්සව සභාව ඇමැතූ අනුරාධපුරය පාපන්දු ලීගයේ සභාපති දක්ෂිත තිලංග සුමතිපාල මහතා ඉදිරියටත් ලීගයේ අභිවෘද්ධිය සඳහා සිය දායකත්වය හා අනුග්‍රාහය ලබා දෙන බව පැවැසීය. දක්ෂිත සුමතිපාල මහතා මේ වන විට කොළඹ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ සභාපති ධූරයේත් කටයුතු කරයි.

 බී කාණ්ඩයේ තරගාවලියේ දක්ෂතම ගෝල් රකින්නා ලෙස ගිහාන් අවිශ්ක ද සිල්වා (වොරියස්) හා දක්ෂතම ක්‍රීඩකයා ලෙස එම්. ඒ. හස්නී මුදල් තෑගී ලැබූහ.


අදහස් (0)

ලීග් කුසලාන යුනයිටඩ් කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.