Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රජරටින් බිහිවූ සොලිඞ් ක‍්‍රීඩා සමාජය 2014 අන්තර් සමාජ ‘ඩයලොග්’ ශුරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය ජය ගැනීමට සමත් විය. ලීග් තරගාවලියේ ඔවුන් සිය අවසන් තරගයට සහභාගි වෙමින් කැළණියේ දී සෝන්ඩර්ස් කණ්ඩායම ගෝල 1-0කට පරාජය කරමින් මෙවර ලීග් ශුරයන්ගේ කුසලාන දිනා ගත්තේය.
මීට පෙර මීගමුව යූත් හා මීගමුව දොන් බොස්කෝ යන ක‍්‍රීඩා සමාජ හැරෙන්නට කොළඹින් පිට ක‍්‍රීඩා සමාජයක් ලීග් පාපන්දු ශූරතාවලිය ජයගෙන නොතිබිණි.
මෙවර ලීග් තරගාවලියට කණ්ඩායම් 21ක් සහභාගි වූ අතර එක් කණ්ඩායමක් සෙසු සියලූ ප‍්‍රතිවාදී කණ්ඩායම් හා තරග වැදෙමින් සහභාගි වූ මුළු තරග ගණන 20කි.
ජයග‍්‍රාහී සොලිඞ් ක‍්‍රීඩකයෝ තරග 20කදී 15ක් ජය ගනිමින් තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කර තිබේ. තරග දෙකක් පරාජයට පත්ව තිබේ. කළුතර බ්ලූස්ටාර්ස් හා කොළඹ ක‍්‍රීඩා සමාජයට ඔවුන් තරග දෙකකදී පරාජය වී තිබේ.
අනුරාධපුරය සොලිඞ් කණ්ඩායම ලීග් තරගාවලියට මුල් වරට සහභාගි වූයේ පසුගිය වසරේදීය. ඒ නවක කණ්ඩායම් හයකට තරගාවලියට අළුතින් ඇතුල්වීමේ අවස්ථාව හිමිවීම නිසාය.
එවර ඔවුන් කාණ්ඩ දෙකකින් පැවති ලීග් තරගාවලියේ ජයග‍්‍රාහකයා තෝරා ගැනෙන පිළිමලූන් පිටු දැකීමේ තරග වටයේදී (අවසන් පූර්ව වටයේදී) ගුවන් හමුදා කණ්ඩායමට පරාජය විය. එවර (2013) තරගාවලියේ ශූරතාව දිනාගත්තේද ගුවන් හමුදා කණ්ඩායම විසිනි.
දුෂ්කරතා රැසක් මැද සිය ක‍්‍රීඩා සමාජය පාපන්දු ක‍්‍රීඩා පවත්වා ගෙන යන බවත් ජාතික මට්ටමේ ක‍්‍රීඩකයෙකු වන සුනන්ද බණ්ඩාර මෙවර නායකත්වය දුන් සොලිඞ් කණ්ඩායමට යාපනයෙන් බිහි වූ ජාතික මට්ටමේ ක‍්‍රීඩකයෙකු වන ඥාන රූබන්ද ඇතුළත් වූ බවත් ජයග‍්‍රහණය පිළිබඳව පසුව ‘ලංකාදීප’යට අදහස් දැක් වූ සොලිඞ් ක‍්‍රීඩා සමාජයේ ලේකම් සාගර පියතිලක මහතා පැවසීය.
වසර 10ක පාපන්දු ක‍්‍රීඩා අතීතයක් හෙබි සොලිඞ් ක‍්‍රීඩා සමාජය වඩාත් ප‍්‍රසිද්ධියක් උසුලන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජයක් ලෙසටය. සිය ක‍්‍රීඩා සමාජය ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පිවිස දැන් වසර 15ක් ඉක්මවා ඇතැයිද ඔහු පැවසීය.
කෙසේ වුවත් ලීග් පාපන්දු තරගාවලියට අවතීර්ණ වී වසර දෙකක් යාමට මත්තෙන් තමන් එහි ශූරතාව දිනාගැනීම සිය ක‍්‍රීඩා සමාජයේ කැපවීම පෙන්නුම් කිරීමක් බවද පියතිලක මහතා පවසයි.
මෙවර ලීග් ශූරයන්ගේ පාපන්දු තරගාවලියේ ශූරතාව සොලිඞ් කණ්ඩායම ජයගත්තත් එහි තරග 210න් ඒ වන විට පවත්වා අවසන් කර තිබුණේ තරග 197ක් පමණි.
මීට පෙර ලීග් ශූරතාව දිනා ගත් මීගමුව යූත් ක‍්‍රීඩා සමාජය ඒ වන විට තරග 20 ටම සහභාගි වී අවසන් කර තිබුණි. එවිට ඔවුන් දෙවැනි ස්ථානයේ පසූවුවත් ඒ වන විට තෙවැනි හා සිව්වැනි ස්ථානවල පසුවන යුද හමුදාව හා කොළඹ ක‍්‍රීඩා සමාජය තරග 19ක් බැගින් සහභාගි වී ලකුණු 39 බැගින් සම ප‍්‍රසාද ලකුණු ලබා තිබුණි.
මේ අතර තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර මීළගට සූදානම් කෙරෙන පිළිමලූන් පිටු දැකීමේ තරග වටය පැවැත්වීම පිළිබඳ මේ වන විට අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇතැයි ඇතැම් ක‍්‍රීඩා සමාජ පවසයි.
එහෙත් ‘ලංකාදීපය’ කළ විමසුමකදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පැවසුවේ යම් කිසි ප‍්‍රමාදයක් සිදු විය හැකි වුවත් එය යොදා ගත් පරිදි පැවැත්වෙන බවය.
කෙසේ වුවත් ක‍්‍රීඩා සමාජය නියෝජිතයන් පවසන්නේ පාපන්දු සම්මේලනයේ බලධාරින් සුපිරි අට වටය මෙවර තරගාවලියෙන් ඉවත් කරන බවට ප‍්‍රකාශයක් කර තිබූ බැවින් ඊට සහභාගි වූ බොහෝ ක‍්‍රීඩා සමාජ සුපිරි වටයේ අදහස අත්හැර දමමින් තරගාවලියට සහභාගි වූ බවය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.