Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලූක් පළිහ ශාන්ත බෙනඩික් විදුහලට

ලූක් පළිහ ශාන්ත බෙනඩික් විදුහලට

editorial - 2022 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

වෙස්ලි විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති ‘ලූක් පළිහ’ වාර්ෂික එක්දින තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත බෙනඩික් විදුහල සමත් විය. මෙම තරගය සෙනසුරාදා (02 වැනිදා) පැවැත්විණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 205 ක ඉලක්කයක් හඹාගිය වෙස්ලි විදුහල කණ්ඩායමට ඕවර 43.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ 172 ක් පමණි. එහිදී චමත් චාතූර්ය ලකුණු 18 කට කඩුලු 3 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත බෙනඩික් විදුහල ඕවර 45 කදී සියලු දෙනා දැවී ලකුණු 204 ක් ලබා ගත්තේය. කෝලිත හිම්සර ලකුණු 46 ක්ද, යොහාන් සොයිසා නොදැවී ලකුණු 35 ක්ද රැස්කරමින් බෙනඩික් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


ශාන්ත බෙනඩික් විදුහල - ඕවර 45 කදී සියලු දෙනා දැවී 204
(කෝලිත හිම්සර 46, යොහාන් සොයිසා නොදැවී 35, ශෙනෙල් සමරතුංග 34, ශාරුජන් ශන්මුගනාතන් 34, සෙමිල ලියනගේ 26/4, චමත් ගෝමස් 40/2)

වෙස්ලි විදුහල - ඕවර 43.2 කදී සියලු දෙනා දැවී 172
(ටිල්ෂාන් සේනානායන 41, උවින් පෙරේරා 28, සාහිල් ඩයස් 24, සෙමිල ලියනගේ 23, අනුදිත් වික්‍රමසිංහ 21, චමත් චාතූර්ය 18/3, ශෙනෙල් සමරතුංග 22/2, විහාර අත්තනායක 41/2)

 


අදහස් (0)

ලූක් පළිහ ශාන්ත බෙනඩික් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.