Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී චාමර නිශාන්තගේ පන්දු යැවීම හමුවේ බළපිටිය රේවත විද්‍යාලය පරදවා ලකුණු 83 ක ජයක් ලැබීමට ලූම්බිණි විද්‍යාලය ඊයේ (09 වැනිදා) සමත්විය. ලූම්බිණි විද්‍යාලය ලබාගත් 4 වන පූර්ණ ජයග‍්‍රහණය මෙය වන අතර තරගය මොරටු විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ලූම්බිණි විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 136 ලබා සිටියදී සියලූ දෙනාම දැවී ගිය අතර යම් පමණක සාර්ථක පිතිහරඹයක නිරතවුයේ ජම්මික ධරණි (53) සහ තනුක දාබරේ (44) පමණි.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ රේවත විද්‍යාලය ලකුණු 136 කට සියලූ දෙනාම දැවී ගිය අතර ලූම්බිණි විදුහල දෙවන ඉනිම ආරම්භ කරනවිට ලකුණු 6 ක් ඉදිරියෙන් සිටියහ.
ලකුණු 172 ක ඉලක්කයක් හඹා ගිය රේවත පිතිකරුවන් ලකුණු 89 කට දවා ගැනීමට චාමර නිෂාන්ත (21/5), ජනිත් ඩයස් (32/3) සහ තරුෂාන් ඉද්දමල්ගොඩ (11/2) සමත්විය.
ලූම්බිණි විදුහල පළමු ඉනිම ඕවර 31.5 කදී සියලූ දෙනා දැවී 136
(ජම්මික ධරණි 53, තනුක දාබරේ 44, දනුෂ් ද සිල්වා 43/4, සුරේෂ් ද සිල්වා 28/3, අවිශ්ක මෙන්ඩිස් 39/3)
රේවත විදුහල පළමු ඉනිම ඕවර 60 කදී සියලූ දෙනා දැවී 130
(ගයාන් ද සිල්වා 30, ඩිල්ශාන් ද සොයිසා 26, පහන් ද සිල්වා 24, චාමර නිෂාන්ත 36/3, තරුෂාන් ඉද්දමල්ගොඩ 17/2, ජනිත් ඩයස් 26/2, තනුක දාබරේ 26/2)
ලූම්බිණි විදුහල දෙවන ඉනිම ඕවර 33 කදී සියලූ දෙනා දැවී 166
(තරුෂාන් ඉද්දමල්ගොඩ 44, වාසන මදුශංක 39, චාමර නිෂාන්ත 36, ෂේන් නලවංශ 22, සුරේෂ් ද සිල්වා 45/4, දනුෂ් ද සිල්වා 26/2, අවිශ්ක මෙන්ඩිස් 45/2)
රේවත විදුහල දෙවන ඉනිම ඕවර 40.5 කදී සියලූ දෙනා දැවී 89
(ඩිල්ශාන් ද සොයිසා 33, සුරේෂ් ද සිල්වා 15, චාමර නිෂාන්ත 21/5, ජනිත් ඩයස් 32/3, තරුෂාන් ඉද්දමල්ගොඩ 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.