Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා බොක්සිං සංගමය 80 වැනි වරට සංවිධානය කරන ලේටන් කුසලාන බොක්සිං ශූරතාවලිය හෙට (2 වැනිදා) සිට එළබෙන 5 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කොරෝනා වසංගතයෙන් අනතුරුව පැවැත්වෙන පළමු ප්‍රධාන පෙලේ බොක්සිං තරගාවලිය මෙය වන අතර පස්වරු 2.00 සිට තරග පැවැත්වෙනු ඇත. මෙවර තරගාවලිය ප්‍රේක්ෂකයන්ගෙන් තොරව පැවැත්වේ.
ක්‍රීඩා සමාජ 14 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 කට වැඩි පිරිසක් සහභාගි වන මෙම තරගාවලිය, එංගලන්තයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගනු ලබන දෙවැනි තේරීම් තරගාවලිය ලෙසද පැවැත්වේ. පළමු තේරීම් තරගාවලිය ඉකුත් වසරේ (2021) දෙසැම්බර් මාසයේදී පැවැත්විණ.
මෙවර තරගාවලිය ජාත්‍යන්තර බොක්සිං සංගමයේ නවතම රීති රෙගුලාසි වලට අනුව පැවැත්වෙන බැවැන් එහිදී පිරිමි බර පංති 13 ක් යටතේද, කාන්තා බර පංති 12 ක් යටතේද තරග පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වනු ඇත.
ඉකත් වසරේදී පැවැති 79 වැනි ලේටන් කුසලාන බොක්සිං ශූරතාවලියේදී යුද හමුදාවේ එම්.පී.ජී. සජීව නුවන් දක්ෂතම ක්‍රීඩකයා ලෙසත්, යුනිචෙලා ක්‍රීඩා සමාජයේ කේ.ඒ.කේ. හංසිකා දක්ෂතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.