Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක ටෙස්ට් ශූරතාවලියේ පෙරමුණ ඉන්දියාවට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ පෙරමුණ ඉන්දියාවට

editorial - 2021 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවට එරෙහිව ගැබාහිදී ලැබූ වාර්තාගත ජයත් සමගින් බෝඩර් - ගවස්කාර් කුසලාන තරගාවලිය 2-1 ක් ලෙස ජයගත් ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය. ඒ අනුව ප්‍රසාද ලකුණු 430 ක් හිමිකර ගනිමින් ජයග්‍රහණ ප්‍රතිශතය 71.7% ක් දක්වා වැඩිකරගත් ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා ඉහළ ගියේය.

තරගාවලි 5 කට සහභාගිවී ඉන් තරග 9 ක් ජය ගෙන ඇති ඉන්දියාව තරග 3 ක් පරාජයට පත්වී තිබේ.

තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ එක් තරගයක් පමණක් ජයගත් ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 332 ක් හිමිකර ගෙන සිටියද ජයග්‍රහණ ප්‍රතිශතය 69.2% දක්වා අඩුවූයේය.

එමනිසා අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙු පසුවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තෙවැනි ස්ථානය දක්වා පහත වැටෙන්නට සිදුවුණි.

එංගලන්තය ජයග්‍රහණ ප්‍රතිශතය 65.2 ක් ලෙස රඳවා ගනිමින් සිව්වැනි ස්ථානයේ පසුවන නමුත් ලබන මස ආරම්භවීමට නියමිත තරග 4 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ඉන්දියාවට දැඩි තර්ජනයක් වනු ඇත. එම තරගාවලියේ ප්‍රතිඵලය මත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් දෙක තීරණය වනු ඇත.

- 2079


අදහස් (0)

ලෝක ටෙස්ට් ශූරතාවලියේ පෙරමුණ ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.