Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා දින සැමරුම 20 වැනිදා

ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා දින සැමරුම 20 වැනිදා

editorial - 2022 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික විශ්වවිදාල ක්‍රීඩා සංගමය සහ යුනෙස්කෝව මගින් ප්‍රකාශිත ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා දිනය සැප්තැම්බර් මස 20 වැනිදාට යෙදී තිබේ. මෙවර ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා දින සැමරුම කොළඹ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වීමට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය කටයුතු සංවිධානය කර ඇත.

සමස්ත විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය ප්‍රජාව අතර ක්‍රීඩා කටයුතු මගින් අන්‍යෝන්‍ය සහජීවනය වඩවාලීම මුල් කොට 2016 වර්ෂයේ සිට ප්‍රකාශිත මෙම ක්‍රීඩා දිනය ශ්‍රී ලංකාවේ පළමු වරට, 2020 දී පැවැත්වූයේ කැලණිය විශ්ව විද්‍යාලයේදීය. පසුගිය වසරේදී සූම් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී පැවැත්වින.

මෙවර කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන සැමරුම සඳහා නව විශේෂාංග කීපයක් සැලසුම් කර ඇති අතර ඒ සඳහා දිවයිනේ සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාල නියෝජනය කරමින් තෝරාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 210 දෙනෙකු සහභාගිවීමට නියමිතය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජෙයෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම අවස්ථාවට දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලයන්හි ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , උපදේශකවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිතය.

-213


අදහස් (0)

ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා දින සැමරුම 20 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.