Last Update  :  2025-03-16 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම චීනයේ චෙන්ඩු නුවරට

ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම චීනයේ චෙන්ඩු නුවරට

editorial - 2023 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

චීනයේ චෙන්ඩු නුවරදී පැවැත්වෙන ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 17 දෙනෙක් සහභාගි වෙති. මලල ක්‍රීඩා, පිහිනුම්, මේස පන්දු, බැඩ්මින්ටන් සහ රිද්මයානුකූල ජිම්නාස්ටික් යන ක්‍රීඩා සඳහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතය.

වසර 2021 දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම ක්‍රීඩා උළෙල කොරෝනා වසංගතය හේතුවෙන් වරින් වර කල් දමන ලදුව, මේ වසරේ ජූලි 28 වැනිදා  සිට අගෝස්තු 08 දක්වා පැවැත්වෙයි. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායමට ශ්‍රී  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6ක්, සබරගමුව විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3 ක්, මොරටුව විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 2 ක්, සබරගමුව විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් 2 ක්, කැලණිය, රුහුණ, පේරාදෙණිය විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩකයෙක් බැගින් මෙම තරගාවලියට සහභාගි වෙති.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මට්ටමේ කුසලතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති. ඔවුන්ගේ දක්ෂතා පදනම් කරමින් ලෝක විශ්ව විද්‍යාලයීය තරගාවලියට සහභාගිකර වීමට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමය මගින් කණ්ඩායම තෝරා ගන්නා ලදි.

 

විශ්වවිද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායම

එස්.ඒ.ටී.දසුන්  (ශ්‍රී ජයවර්ධනපුර), චමල් කුමාරසිරි  (ශ්‍රී ජයවර්ධනපුර), ආර්.ආර් ඩී.රණතුංග (සබරගමුව), අමාශා ද සිල්වා  (ශ්‍රී ජයවර්ධනපුර) සහ එල්.පී.ඩබ්. තිසරණී(සබරගමුව)

මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකාරිණිය වශයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ ලේකම් සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ නිශාන්ති විදානගේ මහත්මිය කටයුතු කරයි.

 

විශ්වවිද්‍යාලයීය පිහිනුම් කණ්ඩායම

චතූශ දල්පදාතු (මොරටුව), අයි එම් අබේරත්න (පේරාදෙණිය) සහ එස්.එම්.එස් සේනාරත්න (කැලණිය) පිහිනුම් කණ්ඩායම් කළමනාකාරිණය ලෙස සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශාරීරික අධ්‍යාපන උපදේශිකා බී.කේ.සමන්තා ප්‍රින්සි ලාලනී  මහත්මිය කටයුතු කරයි.

 

විශ්වවිද්‍යාලයීය මේසපන්දු කණ්ඩායම

නිමේෂ් රංචාගොඩ (මොරටුව), හිරුණ වර්ෂවිතාන (මොරටුව), කේ.එල්.එන්.නිරෝෂන (සබරගමුව), තනූෂි රොඩ්රිගෝ (කැලණිය) සහ චමත්සරා ප්‍රනාන්දු (මොරටුව)

මේසපන්දු කණ්ඩායම් කළමනාකරු ලෙස  ඌව විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන උපදේශක එම්.සී.එම්.රිස්වි මහතාත්, පුහුණුකරු ලෙසින් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන උපදේශක එස්.එම්.බී.අසාත් මහතාත් කටයුතු කරති.

 

විශ්ව විද්‍යාලයීය බැඩ්මින්ටන්  කණ්ඩායම

හසිනි විජේරත්න (ශ්‍රී  ජයවර්ධනපුර) සහ හසාරා විජේරත්න (ශ්‍රී ජයවර්ධනපුර) බැඩ්මින්ටන් කණ්ඩායමේ කළමනාකරු ලෙස ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්.එම්.යූ.එන්.කීර්තිරත්න මහතාත්,  පුහුණුකරු ලෙස සබරගමුව විශ්වවිද්‍යාලයේ පී.ඩී.ඩී.අයි.ගුණතිලක මහතාත් කටයුතු කරති.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය සමස්ත කණ්ඩායම් ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ ඩ්බ්. ඒ. ලලිත් රෝහණ මහතා කටයුතු කරයි.


අදහස් (0)

ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම චීනයේ චෙන්ඩු නුවරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.