Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක ශූරතාවලියට තිදෙනෙක් පමණයි

ලෝක ශූරතාවලියට තිදෙනෙක් පමණයි

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පෝලන්තයේ බිඞ්ගෝස් නගරයේදී ලබන මස (ජූලි) 19 වැනිදා ආරම්භ වන ලෝක යොවුන් (වයස 20 න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකා සහභාගීත්වය ක්‍රීඩකයන් තිදෙනකුට සීමා කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රිඩිකාවන් හය දෙනෙකු නිර්දේශ වී තිබුණත් එය තිදෙනෙකුට සීමා කර ඇත්තේ හෝචිමින් නුවරදී පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රිඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගත් පසුබෑම නිසා බවද වාර්තාවේ.

හෝචිමින් නුවරදී පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රිඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් සහභාගි කළත් ශ්‍රී ලංකාව එහිදී කිසිදු පදක්කමක් දිනා ගැනීමට අපොහොසත් විය.

පෝලන්ත ලෝක යොවුන් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි පිරිසක් සහභාගි කිරීම ප්‍රතිඵලදායක නොවන හුදු වියදමක් පමණක් විය හැකි බැවින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මෙම තීරණය ගෙන තිබේ.

එහිදී පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දස්කම් දක්වමින් ලෝකඩ පදක්කමක් ආසන්නයට පැමිණි මීටර 400 - කඩුලු ක්‍රීඩක උදිත චන්ද්‍රසේන හා දුර පැනීම හා තුන් පිම්ම ක්‍රීඩක ග්‍රේෂන් ධනංජය සහ උස පැනීමේ ක්‍රීඩක ධම්මික රණතුංග පෝලන්තයට යැවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. ඒ සඳහා ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට මලල ක්‍රීඩා සංගමය සූදානම් වන බවත් වැඩිදුරටත් වාර්තාවේ.

ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන ජූලි 19 වැනිදා සිට 24 වැනිදා දක්වා “බිඞ්ගෝස්” නුවරදී පැවැත්වේ.

 

 


●●●

 


අදහස් (0)

ලෝක ශූරතාවලියට තිදෙනෙක් පමණයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.