Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

editorial - 2022 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පළමු වතාවට ශ්‍රී ලංකාව වෙරළ මල්ලව පොර ක්‍රීඩාව හඳුනා ගැනීමට දරන උත්සාහයක් ලෙස තුර්කියේදී පැවැත්වෙන වෙරළ මල්ලවපොර ලෝක ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කිරීමට සැලසුම් කර තිබේ.

මෙම අන්තර්ජාතික තරගාවලිය ලබන මැයි 28-29 දෙදින තුර්කියේ ‘සරිහර්ට්’ වෙරළ තීරයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා කාන්තා කාණ්ඩයෙන් කිලෝග්‍රෑම් 50, කිලෝග්‍රෑම් 80, කිලෝග්‍රෑම් 70, කිලෝග්‍රෑම් 70ට වැඩි යන බර පංතීන් හතරක ඉසව් පැවැත්වේ.  එහිදී කිලෝග්‍රෑම් 70, කිලෝග්‍රෑම් 80, කිලෝග්‍රෑම් 90 හා කිලෝග්‍රෑම් 90ට වැඩි සහ බර පංතීන් හතරකින් සමන්විතව පිරිමි කාණ්ඩයේ ඉසව් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා  මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා පැවසුවේ තුර්කියේ වෙරළ මල්ලවපොර තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමක් සුදානම් කිරීමේ අරමුණින් මීගමුවේදී තේරීම් තරගාවලියක් සංවිධානය කරන බවයි.  වෙරළ මල්ලවපොර ජාත්‍යන්තර තරගාවලියක් සඳහා පළමු වතාවට සහභාගිවීමේ අවස්ථාව පසුගිය වසරේදී (2021) ශ්‍රී ලංකාවට අහිමි වූයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු වෙරළ මල්ලවපොර තරගාවලිය අත්හැර දැමීම හේතුවෙනි.

 වෙරළ මල්ලවපොර ක්‍රීඩා ඉසව්ව සාමාන්‍ය මල්ලවපොර ක්‍රීඩා ඉසව්ව හා සමානකමක් ගන්නා අතර වෙනස වෙන්නේ ගෘහස්ථ ක්‍රීඩාංගනයක් වෙනුවට වෙරළ අද්දර තරග ඉසව් පැවැත්වීමය. ඒ සඳහා තරගකරුවන් ක්‍රීඩා පාවහන් පැළැඳීමක්ද සිදු නොකරයි.

වෙරළ මල්ලවපොර ක්‍රීඩාවේදී නරඹන්නන් අතර වඩාත් ආරක්ෂණීය තත්ත්වයක් ඇති කිරීම සඳහා කාන්තා ඉසව් හඳුන්වා දී තිබේ. 


අදහස් (0)

ලෝක ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.